" ඔයාලගේ තාත්තද සහස්ය ?"
" අහ්... ඔව් ආග්ය. ඔයා කොහොමද දැන්ගත්තේ ?"
බත් අනන්න ගිය අත් එකතැන නතර වෙද්දි ශයාන් ශයෝන් දෙන්නගෙම කලබල වුණු ඇස් හතර නම් නැවතුණේ ආග්ය ළඟ. ඇහුණු අනපේක්ෂිත වචන එක්ක අයියා මලෝ දෙන්නගෙම මූණු පුදුමෙකින් පිරිලා.
" ඊයේ රෑ ශංකි මට ලයිව් වීඩියෝ එකක් පෙන්නුවා. ඔයාලගේ තාත්තා මාළු උයනවා. මන්දා මට ඒ වෙලේ නිකමට හිතුනා ඒ ඔයාලගේ තාත්තා වෙන්න ඇති කියලා. දැන් මේ බත් එක දැක්කහම නම් ඒක ස්ථීර වුණා."
" ඔහ්... ශංකි අපේ තාත්තිගේ වීඩියෝස් බලනවා නන් තමයි. මන් දකිනවා ලයික් කමෙන්ට් කරනවා. "
" ශංකි ඔයාලගේ තාත්තලා දෙන්නට කැමතී. "
" සීරියස්ලි ! උඹ කිව්වේ නැද්ද ශංකිට ඒ අපේ තාත්තා කියලා. "
" නැහැ ශයෝන්. හරියටම දන් නැති නිසා කිව්වේ නෑ. මන් අද ගෙදර ගියහම කියන්නම්කෝ. "
" අඩෝ... කියල මට හෙට ඇවිත් ශංකි මොනාද කිව්වේ කියලා කියපන් හොඳේ. නැත්තන් පුළුවන් නන් වොයිස් රෙකෝඩ් එකක් දාපන්කෝ. "
" චූටී... "
" හරි. හරි. ආග්ය එහෙනම් හෙට ඇවිත් කියන්නකෝ. "
" හරි ශයෝන්."
"ඒ ලොකූ එහෙනම් ඒ අව්ලත් හරී... අනේ ආග්ය ඇත්තමයි මට උඹව බදාගන්න ඕනේ... "
බත් කනවට වඩා ශංකි ගැන දැනගන්න එක වැදගත් වුණු ශයෝන් තාමත් ඉඳුල් නොගෑවුණු එයාගේ දකුණු අත ආග්යගේ බෙල්ල වටේ යවද්දි ශයෝන් එයාව තුරුල් කරගන්න කලින් ආග්ය ශයෝන්ව ශයාන්ගේ පැත්තට තල්ලු කරා. කොච්චර කොහොම හිතවත් වුණත් ආග්ය තාමත් ශයෝන් වුණත් ඕනවට වඩා තමන්ට ඇලෙන්න ගැලෙන්න එනවට අකමැතියි.
" දෙන්න කන ගමන් කතා කරනවද ? බෙල් එක ගැහුව ගමන් රවියා එයි. "
" ඒ මිනිහ නන් මහ වදයක් ලොකූ... බෙල් එක ගහන්නත් කලින් ඇවිත් දොර ගාව හිටගෙන ඉන්නවා. ආග්ය කෝ කාලා රසද කියපන්කෝ ? "
තාත්තා ආග්ය වෙනුවෙන්ම හදපු කෑම එකේ රස ආග්යට සැනසිල්ලේ විඳින්න දෙන්න ඕනකමට ශයෝන් ටිකකට කට පියාගත්තා. කීරී සම්බා බතුයි , තලපත් මාළු ඇඹුල් තියළුයි , පොළොසුයි , ලොක්කට නැතුවම බැරි පරිප්පුවයි එක්ක යාළුවන්ගේ තාත්තා එයා වෙනුවෙන්ම උයලා එව්ව කෑම එකෙන් ආග්ය පළවෙනි බත් කට අනලා කනකන් ශයෝන් ආග්යගේ මූණ දිහාම බලාගෙන හිටියා.