05 🤍

925 153 270
                                    


අළුත් බලාපොරොත්තු එක්ක අළුත් අවුරුද්දක් ලැබුවා වගේම සුපුරුදු කාලසටහනට වැඩ කරන්න ගත්ත මාන්‍ය කොයිතරම් කාර්‍යබහුල වුණත් ආග්‍යව නම් හැමවෙලේම මතකෙට ආවා. තමන් වැඩිහිටියෙක් වෙලත් සර්වත් , අයියාවත් නොකියපු ආග්‍ය අන්තිම මොහොතේ මාන්‍ය කියලා නමින්ම කතා කරපු විදිය මතක් වෙද්දි මාන්‍යගේ පපුව දිගේ අමුතු හිරියක් ගියා නොකිව්වොත් බොරුවක්.

කොළඹ ඇවිත් පහුවෙනිදම දොදොලුත් අරන් හොඳම යාළුවා බැහැ දකින්න ගිය මාන්‍ය පහුගිය දවස් දෙකේ සිද්ධ වුණු දේවල් , දැනගත්ත දේවල් මාශිත් එක්ක බෙදාගත්තා. පොඩි කාලේ ඉඳන් මාශි එක්කම ජීවිතේ බෙදාගත්ත මාන්‍යට වෙන කාටවත් නොකියපු එයයි මාශි අතර විතරක්ම බෙදාගත්තු රහස් කන්දරාවකුත් තිබුණා.

මාන්‍ය කියන ඔක්කොම කතන්දර අහන් හිටිය මාශිගෙන් ලැබුණු මුල්ම උපදෙස වුණේ නම් කොල්ලව ජීවිතකාලෙටම අයිති කරගන්න ඕනෙනම් කොළඹ ගෙනත් හරි කමක් නෑ මාන්‍යගේ පේන මානෙන් තියාගන්න කියන එක වුණා. ආග්‍ය වගේ ආඩම්බරකාරයෙක් කීයටවත් කියපු සැනින් ඔය වගේ දේකට එකඟ කරගන්න බෑ කියලා දන්න මාන්‍ය මේ දවස් වල ආග්‍ය එයා ළඟට ගන්න පුළුවන් විදියක් ගැන සැලසුම් කරන එකත් එක්කත් කාර්‍යබහුල වෙලා හිටියා.

ශංකිත් අයියගේ හිත ගිය කෙනා ගැන දැනගන්න අයියා වටේ කැරකි කැරකි කොච්චර උත්සාහ කරත් තමන්ගේ නංගිගෙ වයසෙම ළමයෙකුට ඒකත් පිරිම් ළමයෙකුට ආදරේ බව නංගිට කියන්න මාන්‍ය අදි මදි කරා. මොකද මොනාදේ වුණත් මාන්‍යට අනුව තාමත් ශංකි කියන්නේ තමන් ගාව හුරතල් වෙන , තමන්ගේ පළවෙනි දරුවා වගේ හැදෙන පොඩි එකීම වුණා.

ඉතිං ඒ සතිය අවසානේ කුරුණෑගල තමන් පන්ති පවත්වන ආයතනයට යන්න ඉරිදා උදේම මාන්‍ය කොළඹින් පිටත්වුණා. මාන්‍ය උසස් පෙළ අවුරුදු තුනක ළමයි වෙනුවෙන් නුගේගොඩ , කුරුණෑගල පන්ති වගේම ලංකාව හතර වටේම ඉන්න ළමයි වෙනුවෙන් පවත්වන ඔන්ලයින් ක්ලාස් එකකුත් තිබුණා. ලංකාව වටේම ඉන්න ආර්ථික විද්‍යා විශය හදාරණ ළමයි දෙදහකට ආසන්න පිරිසක් මාන්‍යගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වීම මාන්‍ය කොළඹ කුරුණෑගල විතරක් ප්‍රසිද්ධ නොවී ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙන්න හේතුවක් වුණා.

මාග 🤍 Where stories live. Discover now