11 🤍

872 157 132
                                    

" ආග්‍ය කොහොමද යන්නේ ?"

" ඩ්‍රයිව' අංකල්ව එවනවා කියලා තමා අයියා උදේ නන් කිව්වේ. ඔයාලා කොහොමද යන්නේ ? "

ස්කෝලේ ඇරිලා පෝලිමට ගේට් එකෙන් එළියට එන ළමයි අතරේ ආග්‍ය පිටිපස්සෙන් ඇවිදන් ආව ශයෝන් ආග්‍යගේ බෑග් එකේ එල්ලන ගමන් කතා කරද්දි ආග්‍යත් කතාවෙන්ම පාසලේ ප්‍රධාන ගේට්ටුවෙන් එළියට ආවා.

"  තාත්ති එනවා බන්. අද අපිට නුගේගොඩ ක්ලාස්. "

කොල්ලෝ තුන් දෙනා ගේට් එකෙන් එළියට ඇවිත් බස් හෝල්ට් එකත් පහු කරන් ගිහින් හෙවණෙන් හිටගනිද්දි විශානුත් එතනට ඇවිදන් ආවා.

" කවුද බන් අද එන්නේ... තාත්තිද ?"

" ඔව් බන්. අප්පච්චිට පාන්දර කතරගම යන්න වුණා."

" ආග්‍ය ක්ලාසස් යනවද ?"

ආග්‍ය තරම් වත් කතාවට කැමති නැති අද දවසට අඩුම වචන ගාණක් කතා කරපු ශයාන් ශයෝන්ගෙයි විශාන්ගෙයි කතාවට බාධාකරන ගමන් ආග්‍යගෙන් අහද්දි මෙච්චර වෙලා වාහන තදබදේ පිරුණු මහපාරේ සරත් කොහෙන් මතු වෙයිද කියලා බලන් හිටිය ආග්‍ය ශයාන් දිහාවට හැරුණා.

" කුරුණෑගල ඉද්දි නන් ගියා. මෙහෙ නම් තාම මුකුත් බැලුවේ නෑ. අයියගෙන් අහල බලන්න ඕනේ. "

" කොල්ලා අහන්නේ අයියා කියන දේවල් විතරයි වගේ. "

කුප්ප හිනාවක් එක්ක විශාන් කියද්දි ශයෝන් වැලමිටින් විශාන්ගේ බඩට පාරක් ගැහුවා.

" අයියගෙන් නෙමේ සහෝ අපෙන් අහපන්. අපි දෙන්න Accounting නම් Group class යන්නේ. Group කිව්වේ අපි දෙන්නයි නැන්දිගේ පුතාලා දෙන්නයි ඉන්නේ. BS තිලක් සර්ගේ Econ මාන්‍ය සර්ගේ. සර්ලා දෙන්නම Group class කරන්නැති නිසා ඒ දෙකට නුගේගොඩ යනවා. අද 2.30 - 5.30 තමා Econ class. මාන්‍ය sir is the best මචන්. අයියගෙන් අහල බලපන්කෝ. යනවනන් උඹට එතකොට අපිත් එක්කම යන්නත් පුළුවන්නේ... නේද ලොකූ... "

අනිත් ඈයෝ වචනයක් දෙයක් කතා කරත් ඕනම දෙයක් විස්තර ඇතුව කියන ශයෝන්ගේ නන්ස්ටොප් කියවිල්ල ! මොනා වුණත් කොල්ලා ආයෙ ආග්‍යට ප්‍රශ්නයක් අහන්න ඉතුරු නොවෙන්නම මුළු විස්තරේම දිග ඇරලා ඉවරයි. 

මාග 🤍 Where stories live. Discover now