" ආග්ය... ශවීන්... ආග්ය..."
සුව නින්දක් නොලබපු නිසා උදේම අවදි වුණු මාන්ය ආග්ය ශවීන් දෙන්නව නැඟිට්ටවන්න හිතාගෙන ඒ දෙන්න වෙනුවෙන් අරගත්ත කාමරේ දොරට තට්ටු කරා.
" Good Morning සර්. "
අත් දෙකෙන් ඇස් පොඩි කරන ගමන් ශවීන් දොර ඇරන් කාමරෙන් එළියට ආවත් හරි මාන්යගේ ඇස් ශවීන්ගේ ඔළුවටත් උඩින් කාමරේ පුරා ඒ කොනේ ඉඳන් මේ කොනටම සෝදිසි කරලා ඉවරයි. ඉතින් ආග්ය නන් තාමත් සුව නින්දක.
" එක ඇඳේද දෙන්නම නිදාගත්තේ.."
ඇඳ රෙදි පොඩි වුණු ආග්ය නිදන් ඉන්න ඇඳ දිහාත් රැල්ලක් වත් ගැහිලා නැති කාමරේ අනිත් කොනේ තිබුණු ඇඳ දිහාත් බලලා මාන්ය ප්රශ්න කරේ නම් ටිකක් තදින්.
" ඔව් සර්. "
" ඒ මොකද ?"
" උපන් දවසේ ඉඳන් වැඩි දවසක්ම අපි දෙන්නා කොහොමත් නිදියෑවේ එක ඇඳේ තමයි සර්. "
" ම්ම්ම්... ආග්යවත් ඇහැරවන්න. මෙහෙන් හත වෙද්දි වත් පිටත් වුණොත් තැන් ගොඩක් බලාගෙනම ගෙදර යන්න පුළුවන් වෙයි. "
" හරි සර්. "
ඒ කියලා මාන්යත් සූදානම් වෙන්න ගියා වෙද්දි ශවීනුත් ආග්යව ඇහැරවගෙන , මූණ සෝදලා , බෑග් ඔක්කොමත් අරගෙන උදේ කෑම ගන්න පහළට ආවා. පොඩි කොල්ලෝ දෙන්නා එනකන් පහළට වෙලා බලන් හිටිය මාන්ය ජෝඩුවගේ බෑග් ටිකත් කා' එකට දාලා කොල්ලෝ දෙන්නා එක්කම ඇවිත් උදේ කෑමට වාඩි වුණා.
" අපේ රූම් එකේ ගාණ කීයද ?"
" දන්නෑ බන්. "
" අපේ රූම් එකේ ගා-"
" කනකොට කෑ ගහන්නෑ ආග්ය. "
" හහ්... "
කෑම ගන්න අතරේ එයාල ගත්ත රූම් එකට සල්ලි ගෙව්වේ නෑ කියල මතක් වුණු ආග්ය ඒ ගැන මාන්යගෙන් ඇහුවත් මාන්යගෙන් ලැබුණු උත්තරේට නන් කොහොමත් නිතරම කේන්තියෙන් ඉන්න ආග්යට වැඩියෙනුත් එක්ක කේන්ති ගියා. මොකද ඊයේ රෑ එයා කටවහන් කද්දි ශවීන් එක්ක කියව කියව කෑම කාපු කෙනාමයි දැන් එයා කතා කරද්දි එයාගේ කට වහන්න හැදුවේ.. ඉතිං ආග්යට අනුව නම් එයාගේ කේන්තිය සාධාරණයි.