03 🤍

1.1K 154 249
                                    


" අම්මා ඔයාලා දානේ ලෑස්ති කරගන්නකන් මන් ටිකකට එළියට ගිහින් එන්නම්. "

" මේ පාන්දර කොහෙ යන්නද මනූ... "

" පැය බාගෙන් එනවා තාත්තා. කා' එකේ යන්නේ... "

අදට අවුරුදු විසි හයක් වුණු ලොකු පුතෙක්ගෙන් තවත් ප්‍රශ්න අහන්න බැරි කමටත් , යන එන ගමනට තහංචි දාන්න බැරි කමටත් අම්මා , තාත්තා දෙන්නම නිහඬ වෙද්දි මාන්‍ය කා' කී එකත් අතට අරන් රූම් එකෙන් එළියට ආවා.

දෙසැම්බර් තිස් වෙනිදා. අද තමයි මාන්‍යගේ විසි හයවෙනි උපන්දිනේ. උදෙන්ම පිළිවෙළට අම්මගෙන් , තාත්තගෙන් , නංගිගෙන් ලැබුණු සුභ පැතුම් වලින් පස්සේ ෆෝන් එක ඔන් කරපු මාන්‍යට නැවතුමක් නැතුව දිගට හරහට උපන්දින සුභ පැතුම් ගලාගෙන ආවා. හවස් වෙලා ඒවට ප්‍රතිචාර දක්වන්න හිතන් ෆෝන් එක පැත්තකින් තිබ්බ මාන්‍ය කළු පාටින් ඇත් පෙරහැරක් යන සුදු කළු බතික් සරමක් ඇඳලා , අත් දිග සුදු ශර්ට් එක වැලමිට ගාවට නමලා ඇඳගෙන ඊයේ රෑ එයාගේ නින්ද නැති කරපු කොල්ලව හොයාගෙන යන්න ලෑස්ති වුණා.

සහතික ඇත්ත ! ඊයෙ මුළු රෑම මාන්‍යට නින්දක් නෑ... හොරෙන් ගහගත්ත ආග්‍යගේ ෆොටෝ වල ඇස් , කන් , නාහේ ඉඳන්ම රෑ එළිවෙනකන් සූම් කර කර බලපු මාන්‍යට නින්ද කොහොම නන් කියලා බාධා කරන්නද ?

" Good Morning සුද්දා... Happy Birthday... "

"Thank you... Thank you.. "

" අද රෑ එනවානේ... "

" අද ෂුවර් නෑ මාශි. මන් අද තියන ක්ලාස් එකත් ඊයෙම කැන්සල් කරා. "

" පොඩි එවුන් පව් හැබැයි. සර්ට රෝස මල් දෙන්නම කී දෙනෙක් බලන් හිටියද දන්නෑ... "

" මට ඒකත් හිතුණා මාශි. ඒත් දැන් මට හැමදේටම වඩා කොහොම හරි මේ ළමයව- "

" ළමයව දැලේ දාගන්න නේ... මට නන් තාමත් විශ්වාස කරන්න බෑ බිම්බී... මන් ඒ දෙක සෑහෙන වෙලාවක් කම්පෙයාර් කර කර බැලුවා. "

" Same here. ඒත් මෙතන මොකක් හරි ඇති කියලා මට හිතෙනවා බන්. අවුරුදු විසි හයටම ඔය මගේ හිත ගැස්සුනාමයි ."

" අමො. අමො. ඔතාගෙන යන්න පතාගෙන ආපුවා වෙන්න ඇති. "

" May be. "

මාග 🤍 Where stories live. Discover now