අකිල pov
මම හිටියෙ නිම්න ඉන්න තැනට යනගමන්.. නිම්න කිව්වා එයා ඉන්නෙ එතන කියලා..
වෙනදා වගේම පදුරු අස්සෙන් අස්සෙන් රිංගලා එතනට ගියා..
ගියත් හරි.. ඒ ඇස් මාව බලාපොරොත්තුවෙන් වගේ දිලිසෙන්න ගත්තා..
මට පේන විදිහ වෙන්න ඇති.. ඒත් මම කැමතියි එහෙම දැකලා හරි හිත රවට්ටගන්න..
"ඔයා ආවද.."
"හ්ම්.."
ම්ම්ම්ම්.. එයාගෙ අතේ ලියුමක් තියෙනවා.. දැන් ලැබිලා වගේ..
අහ්.. ඔය මං දීපු ලියුමනෙ! ආාාව්.. බලමු රියැක්ෂන්ස්..
ඒක කුතුහලෙන් ලිහපු නිම්නගෙ ඇස් ආසාවෙන් දිලිහෙන්න ගත්තා..
මම හිතන්නෙ කොල්ලට ඒකට ආස හිතුනා..
මට නොතේරෙන්න එයා ඒක අත් දෙකෙන්ම අරන් බෑග් එක ගාවට දුවලා ගිහින් ඩයරිය අස්සට දාලා එතන්ට බුක් මාර්ක් එකත් දානවා මං බලාගෙන..
"මොකක්ද ඒ"
"මගෙ යාලුවෙක්ගෙ ලියුමක්.."
"යාලුවෙක්ගේද වෙනකාගෙහරිද.."
"අහ්.. අපෝ නැහැ.. තවම යාලුවෙක් විතරයි.."
"තවම.. ත-ව-ම"
"අනේ මන්දා අනෙව්.. ඔයත් හරියට අපෙ තාත්තා වගේ.. වචනයක් වැරදුනත් ඇති.."
"......................."
"අනේ ඉතින් ඒ මනුස්සයට හරියන්න ඔ්න දවසක.. විදින දුකක් ඒ මනුස්සයා.. දෙයියො මූණ බලන්න ඔ්න ඒ මනුස්සයගෙ"
මෙච්චරවෙලා හිනාවෙලා හිටපු නිම්නගෙ ඇස් වලින් හීනි කදුලු කැට ගොන්නක් ගලාන ගියා..
"නිම්න ඔයා හොදින්ද??"
මම නිම්නගෙ මූණට එබෙනකොට එයා එහෙම්මම මූණ හංගගත්තා.. ශර්ට් කොනෙන් කදුලු ටික පිහිදගත්ත එයා නහය උඩට අදිනගමන් මගේ දිහාවට හැරෙනකොට මම දැක්කා එයාගෙ නහයයි කම්මුල් දෙකයි ඇස්,ඇස් යටයි රෝස පාට වෙලා තිබ්බා..

YOU ARE READING
තත්පර the sec
Horrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...