"නාරිලතා මල් පීදුනාද අයියෙ"මගේ අතේ එල්ලුන නිම්න සතීෂ්ගෙන් ඇහුවාම සතීෂ් ඉමොෂනල් වෙලා ඉමෝෂනල් ඩැමේජ් උනා..
සතීෂයගෙ මූණ ජම්බු වගේ රතුම රතුයි..
ඌ දැනගත්තා වැඩේ නෝන්ඩි කියලා..
"උඹල චීත්ත වගේනෙ බන්.."
"මම කිව්වනෙ දේව් ඔයාට මාත් එක්ක ඉන්න එපා කියලා"
"ඉතිං මම එනවා කියලා කිව්වම මුකුත් කිව්වෙ නෑනෙ උඹ"
"ඉතිං කියන්නෙ ඔයා මොකද මම අදිනකොට ඇතුලට ආවෙ"
"ඉතිං උඹ මොකටද මගෙ ටීශර්ට් එකක් ඇදගෙන හිටියෙ"
අරුන් දෙන්නා රණ්ඩු වෙනකොට මැද්දෙන් පැනපු නිම්න කලේ තවත් සතීෂයව අවුස්සපු එක..
"මකුළුදැල් වලට මොකද උනේ"
"හිටු පොඩිඑකා උඹට මම!"
නිම්න පස්සෙන් පන්නපු සතීෂ් මගෙ වටේ දෙතුන් පාරක් දුවලා කලින් හිටපු පැත්තට දිව්වා..
අපි සෙට් එකටම හිනා.. දේවා ඔක්කොටම හපං..
"අයියෝ දේව්!!!!!!"
මමයි දේවායි දෙන්නම ඒපැත්තට දුවගෙන ගියේ සතීෂයගෙ සද්දෙට..
ජරාස්*
සද්දෙට උඩ බැලුවත් හරි අතු කෑල්ලක් මගෙ ඔලුව උඩින් වැටෙන ගමන් තිබ්බා.. ඔලුවට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒකට පාරක් ගැහුවමයි මම දැක්කෙ ඊළගට වැටෙන්නෙ නිම්න! මම නිම්නව අල්ලගත්තා..
ගානට අතටම!
එයාව අල්ලගන මම අනිත් පැත්ත හැරුනා..
දේවා වටපිට බල බල සතීෂයව හොයනකොට සතීෂට බැලන්ස් නැතුව ගහෙන් බිමට වැටුනා..
දඩස්*
"අම්මට #කන්න මගෙ කොන්ද"
දේවාගෙ ඇගටම පතබෑවුන සතීෂයා පිස්සෙක් වගෙ හිනාවුනේ වෙච්ච වැඩේට වෙන්නැති..
"නවත්තපං- නවත්තපං ඔය කැත හිනාව"
"අනෙව් ගහන්නෙපා ඉතිං හිතලා වැටුනෙ නෑනෙ"
![](https://img.wattpad.com/cover/372618700-288-k414197.jpg)
YOU ARE READING
තත්පර the sec
Terrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...