.
.
.
.
"හාමු.."
මාව නින්දෙන් ඇහැරුනේ හවස නිම්නගෙ ඔඩොක්කුවේ නින්ද ගියාට පස්සෙ.. නිම්නගෙම කටහඩට..
"නිම්න?"
"චුට්ටක් නැගිටින්න මට යන්න දෙන්න මහත්තයෝ"
මම කෙලින් වුනත් හරි මේකා කෙලින්ම බාත්රූම් එකට රිංගුවා..
මම නැගිටලා බාත්රූම් එක පැත්තට දිව්වෙ සැකේට.. එතකොටම නිම්න එලියට ආවා..
"සමාවෙන්න හාමු.. මහත්තයගෙ වොශ්රූම් එක පාවිච්චි කලාට.. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.."
මම හිතන්නෙ වමනෙ දාලද කොහෙද..!
"මොකද මේ"
"සමාවෙන්න හාමු"
"කෑවෙ නැද්ද.. ගෑස්ටික් වෙන්න ඇති.. මේක හපලා කන්න.."
ලාච්චුවෙන් ගෑස්ටික් පෙත්තක් අරන් නිම්නගෙ අතේ තියපු මම වටපිට විපරම් කලා.. ගොඩක් රෑ වෙලානෙ.. දොර ඇරපු මම ආපස්සට හැරෙද්දි..
මම දන්නෙත් නෑ නිම්න ආයෙම වොමිට් කරලා වොශ්රූම් එකෙන් එලියටත් ඇවිත්.. මගෙ ලගට ඇවිත් ඇදගෙන වැටුනා..
එයාව උස්සගත්ත මම ශේන්ගෙ දොරට තට්ටු කලේ උදව්වක් ගන්න හිතාගෙන..
"කවුද?"
"මම අකිල බං.. නිම්නට හොදටම වොමිට් වෙනවා.. බලපං මක් වෙලාද කියලා.."
"අහ්හ්ම්ම්හ්"
නිම්නව එකපාරට ගැහෙන්න ගත්තා..
YOU ARE READING
තත්පර the sec
Horrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...