චටාස්....
පලාතම එලිය කරන් යන අකුණු සැර එක්ක කහ පාට හොටක් රත්තරං පාට දිලිසෙන ඇස් දෙකක් තියෙන දුඹුරුපාට බකමූනෙක් ගහපු අකුනටත් වඩා වේගෙන් පියාඹන් ඇවිත් ජනේල්ලෙ වැදුන පාර ඌ එහෙම්මම ජනේලෙ ගලාන් යන වතුරත් එක්ක ලිස්සලා බිමට වැටුනා.. ඌ වැදුන පාරෙ සැරට ජනේල් වීදුරුවත් ඉරි තැලුලිලා ගියා.. පව් ඒ අසරණයා..! හැබැයි ඌ නම් මේ ජීවිතේන් නිදහස් නේ..
" පොඩි බේබී, ලොකු මැඩම් ඩිනර් එක පොඩි බේබිට රෙඩී කරන්න කිව්වා බේබී.."
මං ඉරිතැලුනුජනේල්ලෙ ගාවින් ඇස් අහකට අරන් ආපු මේඩ් දිහා බෙල්ල විතරක් හරවලා බැලුවා..
" හ්ම්ම් "
මං හුමිටි තියාන් ජනේල්ලෙ ගාවින් අයින් වෙලා ආපු මේඩ් පස්සෙන් ගියේ කුස්සියට....
විශාල මුළුතැන් ගෙයක් කොටින්ම කිව්වොත් අක්කරගානක් කුස්සියම ලොකුයි සමාන්‍ය මධ්යමපාන්තිකයෙක්ගෙ ගෙයක් වගේ දෙගුණයක්ම කුස්සියම ලොකුයි කිව්වොත් මන් වැරදිත් නැහැ ... කළු පාට දනිස්ස ගාවට දිග අත් දිග ගවුම් ඇඳගත්ත මේඩ්ලා තිහක් විතර තම තමන්ගෙ වැඩ ඒ හැමෝගෙම පපුවේ සිල්ව කලර් බැජ් එකේ රත්තරං පාට වෘකයෙක් ඉන්න ලාංජනයක් කොටල තියෙනවා.. ඔළුවට කළු පාට රෙදි හැට් එකක් දාල... ...
මුළු කුස්සියම මහ මූසල පාටයි මං බලන විදියේ වැරැද්ද නිසාද මන්දා හැමදාම මට මේ ගෙදරම මූසලයි.. තද කහ පාට බිත්තියට ලා කහ පට කන එලියක් දෙන ලයිට් එලිය වැටිල නිසා මට නම් තවත් මූසල පාට විදියට කුස්සිය පෙනුනේ... අඩිය තියනගානෙ ලෑලි පොලොවෙන් එන චිරිස් චිරිස් හඬත් අර මූසලපාට එකතු වෙලා මූසලකම තවත් වැඩි කරා කිව්වොත් හරි.. මූසල ගෙදර..!!
මේඩ් මට ගෙනල්ල දීපු පලවෙනි කාට් එකට මම අමු මාළු , ලේ වල පොඟපු අමු මස්..හ්ම් අමු අලුත් ම අලුත් මස් සාමාන්‍ය මිනිහෙක් මස් පැණි වල පොඟවල කනකොට ඒකිට ඕනේ ලේවල පොඟපු මුව කන්න... අලුත දඩයම් කරපු මුව මස් වලින් එන ලේ කුයිලේ මගෙ නාස් පුඩුවලට තදින්ම දැනුනා .. ... නැවුම් ඇස් , බඩවැල් , ලේ වෙන වෙනම භාජන වලට දාලා තිබ්බා. මන් ඒ ටික අරන් කාට් එකෙන් පිලිවලකට තිබ්බෙ හිතේ ඇතිඋන පිළිකුල් හැඟීමත් එක්ක. හැම කෑමක්ම අමුවෙන්.. ඒ කාට් එක අයින් කරලා දෙවෙනි කාට් එකට උයපු මස් , මාළු , බත් , උයපු එලවළු භාජනත් එක්කන් රෙඩ් වයින් ලෑස්ති කරාල ඒ කාට් එකට අඩුක් කරා ... ඒකට අනිත් කාට් එකට වඩා දෙගුනෙකින් කෑම වැඩි පුර දැම්මා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)