දඩස්.....!!!!"
මං පුටුවත් පෙරලන් නැගිට්ටේ ඒ මැසේජ් එකට...ඉස්සරහ හිටපු අර පොරත් බය වෙලා මගෙ දිහා බලාන් ඉන්නකොට කැන්ටින් එකේ හැමෝගෙම අවදානෙ මං ලඟට අවා..
" මෙන්න සල්ලි!!"
කැම එකත් එතන දාල කැෂියර් එකට පන්දාහක් තියාන් එලියට දිව්වේ හුලඟට විසිරෙන කොන්ඩේ බෙල්ලෙ අගිස්සෙන් දුවන ගමන් ගැටයක් ගහන්.
අංශ කාර්යාලය ගාවින් මං නැවතුනේ .. මගෙ ඇස් වල කඳුලි පිරිලා ඒත් මං එව්ව වැට්ටුවේ නැහැ . මොකද මගෙ විදිහ පිට අය ඉස්සරහ අඬන පුරුද්දක් නැහැ ..
" කමින්..!"
ඇතුලෙන් ඇහුන තද ගැනු කටහඬත් එක මං ඇතුලට ගියා ..
"මිසිස් ජෝජියානා.."
මං ගරු සරු විදිහට එයාට කතා කරනකොට ඒ ගෑනු කෙනා කන්නාඩි දෙක යටින් මං දිහා බලලා ආපහු දොර දිහා බලනකොටම වගේ දොරෙන් ඇතුකට ආවෙ අර පොර ෆොන් එකත් කනේ ගහන්.
" මට හදිස්සියක් නිසා දවස් හතරකට එලියට යන්න පුළුවන්ද? ප්ලීස් මැඩම්.."
මං වෙව්ල කටහඬ යට කරලා කාරනේ කියනකොට මැඩම් කන්නාඩි දෙක ආපහු ඇස් වලට දාන් හොඳට මං දිහා බැලුවා..
" හීට් එකද? වෙන්න බැහැ නේ.."
" ඕ.ඔව් මැඩම්.. පොඩි හදිස්සි කාරණයක් ඒක පෞද්ගලිකයි.. ප්ලීස්.."
" දවස් හතරක් නම් බැහැ .."
අරකා ෆෝන් එක කනෙ ගහන් මං දිහා බලාන් ඉන්නවා කියන එක මට දැනුනා..
" තුනක් අනේ මැඩම්..!"
මගෙ ඇස් වලය ඉබේම කඳුලු පිරුනත් මං වේගෙන් ඇස් පිල්ලම් ගහලා ඒවා නැති කරගත්තා..
" ම්ම් ඔකේ මේක ෆිල් කරලා දෙන්න.."
මට කොලයක් දික් කරනකොට මං ඒක ගත්තා එතකොට තමා මට තේරුනේ මගෙ අත් දෙකත් වෙව්ලනවා කියලා.. මැඩම් මං දිහාට තද බැල්මක් දානකොට මං ලා හිනාවක් දැම්මා . හිනා නොවී බැරි කමට හිනා උනා..
" ශිට්..!"
පෑන අල්ලන අත වෙව්ලන්න ගත්ත නිසා මං ඒකත් අරං එලියට ඇවිත් ගහක අත ගහගත්තා .. ගහේ පතුරු වලට අත තැලිලා ලෙ ආවත් මං කොලේ ෆිල් කරලා දුන්නා..කොලේ එහෙන් මෙහෙන් ලේ ගෑවිලා තිබ්බා.. මැඩමුයි අරයයි මගෙ අත දිහායි පුදුමෙන් බලාන් ඉන්නකොට මං කතා කරා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)