මං සිද් ලෑස්ති කරපු හරීඊඊඊම චාම් ඇඳුම ඇඳගෙන ලෑස්ති උනේ ගෞතම්ගෙ මූණ හත්තිලව්ව්ට ගහපු මොකක්ද එකක් වගේ ඒ දෙන්නම එකම විදිහ ලා නිල් අත් දිග ෂර්ට් එකට කැපිචිනෝ කලර් කලිසමක් ඇඳලා එකම වගේ ස්නීකර්ස් සපත්තු දෙකක් දාලා දකුණු අතේ වොච් එකක් බැඳන් හිටියේ මේ ගෞතම් මේ සිද්ධාර්ත් කියලා මටත් පැටලුනා..
සිද්ධාර්ත් මට ලෑස්ති කරලා තිබ්බේ සුදු කොට කලිසමකට සුදු ටී ෂර්ට් එකක්.. ඒ රෙද්ද හරිම අමුතුයි මං අඳින ඇඳුම් ඔක්කොම ඒ දෙන්න අලුතෙන්ම මට ගෙනාපුවා.. ඒකට කලු ස්නීකර්ස් දෙකක් දාලා අතට වොච් එකක් බැඳලා කොන්ඩේ උඩට කරලා ගෙඩියක් ගහන්.. සුභ ආරංචි තමා මගෙ කොන්ඩේ දැන් යන්නේ නෑ..
" චූටි ඔයා ඔයාට ඕන බඩු ටික අරන් වෙජිටබල් පැත්තට එන්න හරිද?"
" ඔකේ.."
මං මට පොඩි කූඩයක් අරන් එතනින් ආවේ අර දෙන්න වෙනම යනකොට මායි අර දෙන්නයි මාස්ක් තුනක් දාලා හිටියේ මං කන්නාඩි දෙකකුත් දාන් හිටියේ .. මේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ මෝල් එකක් නිසා අපිට හිතුන හිතුන විදිහට හැසිරෙන්න බැහැ..
මං ලේඩීස් සෙක්ෂන් එකට ඇවිත් ගියේ අන්ඩවයාර්ස් තියෙන තැනට දැන් කටවල් ඇරන් බයින්න එපා මංනේ දන්නෙ මට ඕන දේවල්..
" වට් ඩූ යු වෝන්ට් මිස්.."
මං ටග්ගාලා බෙල්ල හැරෙව්වේ කොහෙන්ද මතු උන වැඩ කරන ගෑනු කෙනා දිහාට මං ඔළුවෙන් උදව් එපා කිව්වහම එයා ටිකක් ඈතට ගියා .. මං ගෑනියක් වගේද පේන්නෙ?
මම ආපහු මට ඕන කරන ටික අරන් යන්න හදනකොට අර ගෑනි කෙනා මගෙ බඩු ටික බෑග් එකකට දාලා දුන්නා.. මං ආයෙ ගියේ sanitation facilities තියෙන තැනට.. එතනත් ගෑනු කෙනෙක් හිටියා.. මං නෙවෙයි තව ගෑනි ලමයි හිටියා එයාල එයාලට ඕන එව්ව තෝරනකොට මං පොඩි කූඩයක් අරන් මට ඕන එව්ව දාගත්තා ..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)