අයියගෙ පවුල එකම පාට ඇඳල සුදු වෙට්ටිවකට තද කහ ෂර්ට් ඇඳලා අර හිච්චිලා තුන් දෙනා සුදු කලිසම් වලට තද කහ පාට ටී ෂර්ට්.. කොහොම හරි කපල් කපල් එක පාට ඇඳන් හිටියේ.. කේත් කොළ ෂර්ට් එකට සුදු වෙට්ටිය ඈන් වගේ ඈන් කොළ සාරියක්.. ඩේලිගෙ හබී ලා නිල් ෂර්ට් එකට වෙට්ටියක් ඇඳලා ඒකි කොහොමත් කොල්ලෙක් වගේනේ.. තාත්තාත් රතු පාට ෂර්ට් එකට සුදු වෙට්ටිය.. ඔරීන් ආන්ටි තැඹිලි සාරිය නිසා අංකලුත් තැඹිලි ෂර්ට් එක .. අනෝල් ලියම් කුණු ලේ පාට ෂර්ට් එකට සුද වෙට්ටිය .. අරාෂ් තද නිල් පාට ෂර්ට් එකට සුදු වෙට්ටිය මූන්යා තද නිල් සාරිය.. ආරෝහු වගේම ෆින් දෙන්න රත්තරං පාට ෂර්ට් දෙකකට සුදු වෙට්ටි.. කෙල්ලො වලලු දාලා මොට්ටු තියලා මෙකප් ගාලා මාල දාලා දෙමළ තංගච්චිලා වගේමයි.. අපි පෝලිමේ කෝවිල ඇතුලට ගියේ පලතුරු වට්ටි අරන් පූජාවට ඉඳලා ආශිර්වාද අරන් එලියට ආවා.. කාවඩි නට නට ගිය පෙරහැරත් බැලුවා.. අපේ සෙට් එකෙන් සෑහෙන ප්රමාණයක් ෂොක් උනෙව් අර තල වලින් ගගහා ඇඟ කපාගන්නකොට.. මීෂනම් ඕවර් එකටත් එක්කන් කෑගැහුවා.. ඩේලි ඇඬුවා.. දෙව භක්තියනේ සමහර අය අර ඇවිදගන්නවත් බැරි තරම් පිච්චෙන පොලොවෙ වැඳගෙන පෙරලෙනවා .. එකේක දේවල් කරනවා..
" කෝ එන්න ඔය තුන් දෙනා ෆොටෝ එකක් ගන්න"
මායි සිද් ආයු තුන් දෙනා ෆොටෝ එකක් ගත්තා මං මැද ඒ දෙන්න දෙපැත්තේ අනෝල් තමා ගත්තේ ඒ දෙන්නම මගෙ කරට අත දාගන හිනා වෙලා ෆොටෝ එකට හිටියේ අපි ගහලා ඉවර උනහම මීෂටත් ඔන උන නිසා දෙන්න හිටියා ඒත් සෙන්ටිමීටර් ගානක් ඈතින්..
" දිනාර්ඝව අයියත් එක්ක ගිහින් ෆැටෝ එකක් ගන්න අපේ ෆැමිලි එක විතරක් මදිනේ!"
ඔරීන් ආන්ටි හිනා වෙලා කිව්වේ දිනාර්ඝව ආඝර්වගෙ අතින් ඇදන් ආවේ මං ඉන්න තැනට. මං පුදුම වෙලා බලාන් ඉන්නකොට දිනාර්ඝව මගෙ ඉනෙන් අත දාලා එයා ලඟට ඇදලා අරගත්තා දෙන්නම උසයි මං එයාලගෙ කන ලඟට වගේ උස.. දිනාර්ඝව දකුණු පැත්තෙන් මගෙ ඉන වටේ අතක් දාන් මාව තුරුල් කරන් බෙල්ල ටිකක් මගෙ පැත්තට නවනකොට පුදුමෙ කියන්නෙ ආඝර්වත් කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියනන් දන්නෙ නැහැ මගෙ කර වටෙන් අත දාලා අනිත් අත සාක්කුවට දාගත්තා එයා කෙලින් හිටියේ.. මගෙ ඇස් දෙකට කඳුලු පිරුනත් මං ලස්සනට් හිනා උනා... දෙන්නගෙ ඉන වටෙන් අත් දෙක දාන්..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)