"එහෙම වෙන්නෙ නැහැ දැන් බහිනවා දෙන්නම බිමට!!!!!!!!"
"සුදූ!!!!!!!!"
එක පාරටම පල්ලෙහායින් ආපු ගිගිරුම් කටහඬත් එක්ක මගෙ බැලන්ස් එක නැති වෙලා ගහේ අනිත් පැත්තට මාව වැටෙන්න ගියේ නැහැ මං වැටුනා!.. අඩි ගානක උසක ඉඳන් මං වැටුනා.... කේත් මගෙ නම කියලා කෑගහනකොටම මං ඇස් දෙක පියාගත්තේ දැන් මැරුනා තමා හිතාන්..
" අහ්.."
මාව ශක්තිමත් අත් දෙකකට හිර උනා... මාව ඒ රස්නේ පපුවට තුරුල් කරගන්නකොට මං නම් එක ඇහැක් ඇරියේ නැහැ මගෙ හාට් එක නැවතිලා වගේ....
දඩස්...
"ඇල්ෆා...!!"
කේත් බිමට පැනලා මං හිතන්නෙ දන නැමුවා ගෞතම්ට..
අලිය මල් සුවඳ හුරුපුරුදු කටහඬ .. ආදෙව්! මගෙ අයියා වෙනකොට මං ටග්ගාලා බිමට පැන්න පාර කකුලත් මොකක් උනා..
" වැඩක් නැහැ නේ!"
මං එයාටත් රවලා අහක බලාගත්තේ අපෙ වටේ හිටපු අය දිහා බලලා ඇස් තනකොළ ගොල්ල දිහාට හරවන් සෙරෙප්පුවෙන් පුළුවන් තරම් වලක් හෑරුවා....
" දෙන්න කපල් වෙලා තරු බලලා ඉවරනම් කියමු බලන්න පාන්දර දෙකයි කාල වෙනකම් ඇහැරන් කරන්නෙ මොකක්ද කියලා..!'
සිද්ධාර්ත් තදින් ඇහුවේ මගෙන් අනේ මගෙන් .. මං යටි තොල මැද ඉස්සරහ දත් වකින් හපාන් ඇස් යටින් සිද්ධාර්ත් දිහා බලලා ඊට එහා පැත්තේ ඉන්න ගෞතම් දිහාත් බලල දන ගන ඉන්න මගෙ පරම මිතුරා දිහා බැලුවහම ඌ මට රවනාව.. මං ඇයි කියලා ඇහුවහම ඌ මට ඇස් දෙකෙන් පෙන්නුවේ ගෞතම්ගෙ අත..
ටහික්කේ කෙලවෙනකොටම මෙහෙමත් කෙලවෙනවද!!!!!!!
මගෙ සිගරට් , තූල්, ගිලි ඔක්කොම එයාගෙ අතේ.
" කැහැ කැහැ..අම්ම් මං නැහැ අපි මේ.. නාන්න ගියා..ඔව් නාන්න ගියා ඇල්ෆා..!"
මට ආව කැස්සත් එක්ක මං ඇස් හතර වටේ යවලා නාන්න ආවා කියනකොට මට ඇහුනේ ගෞතම් දත් මිටි කන සද්දෙයි මගෙ පිටිපස්සෙන් හිටපු ආදෙව්ත් දත් මිටි කන සද්දෙ..
" එනවා දෙන්නම් ඔෆිස් එකට..!!'"
" ඇයි?!!"
" හරි ඇල්ෆා අපි එන්නම්..වරෙන් යන්න තෝ නිසා මාත් කටු කනවා "
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)