47

1.1K 184 86
                                    

" ඇත්තටම අම්මා මුන්ගෙ මොලේ තියෙන්නෙ ඉඳගන්නද. මට නම් ඔය සක්කිලි fairiesලා පේන්න බැහැ ජරා ජාතිය. ඔයාල දෙන්න fairiesලා උනාට කරන්න දෙයක් නැහැ ලමයි මට ඔය ජරා ජාතිය පේන්නම බැහැ..! ඔයාලට මගෙ ජාන ගිහින් තියෙන නිසා අවුලක් ගන්න එපා"

මං fairiesලට බයිනකොට ආඝර්වයි දිනාඝවගෙයි මූණු මොකක්ද උනා කරන්න දෙයක් නැහැ පුතේ උඹලගෙ බයිලොජි ෆාදර් හුත්තිගෙ පුතා තමා ඔක්කොම කරේ.

" අනේද කියන්නෙ සුදු පුතා මුන් ඔක්කොම හොඳයි කුඹුරු හාන්න දාන්න!"

අම්මයි මායි තරඟෙට බයින්න ගත්තේ අම්මගෙ චූටි පුතාල දෙන්නගෙ කටවල් වැහෙනකොට.

"ඔව් අම්මා මුන්ට අපි දෙයක් කිව්වහම තමා පිළිගන්න බැරි අරකි කිව්වනම් ඉස් මුදුනින් පිලිගනී.. !'

" හරි බං උඹ හරි අපි වැරදි .."

" වැරදී තමා ආයූ.. නැද්ද අම්මා!"

" ඔව් පුතා .  ලැජ්ජාවේ බැහැ මට..!'

අම්මා මගෙ අතෙ ඇදන් ගිහින් පුටුවෙ ඉඳගන මගෙ කොන්ඩේ ගොතගන්න ගත්තේ අනිත් ඔක්කොම තැන් තැන් වල ඉඳන් එයාලගෙ කතාවල් වලට යනකොට පැක් එකේ වගකිව යුතු අය එලියට ගියා..ආරෝහු අනෝල් රනෝලි එක්කන් සිද්ධාර්ත් වගේම ගෞතම් තාත්තා අයියා රහුල් අයියා. 

" වීණාව් පුතා මට දැනගන්න පුළුවන්ද මෙයාලගෙ උපන්දින වගේම උපන් වෙලාවල් ?"

දෙයියනේ දෙයියනේ මෙහෙම වෙනසක් නේ.. ඉස්සරහ අරූ මූ ඒකා මේක උන මං දැන් විණාව් පුතෑ වේ පුහ්..ඕකනේ බං කියන්නේ කටුස්සොත් බය වෙනවා මිනිස්සු වෙස් මාරු කරන කෙරිල්ලට..චඃ චඃ ලෝකේ හැටි නේ..

මගෙ කල්පනාවට බාදා කරල්ල ඔරීන් ආන්ටි අහනකොට මං මතක් නොකර කිව්වා මොකද ඒවා අමතක වෙන දේවල් නෙවෙයි ..

" 2018 දොළොස් වෙනි මාසේ පහ ඒ කියන්නේ ඊයේ.. වෙලාව ආඝර්ව පාන්දර තුනයි හතලිස් පහට දිනාඝර්ව පහට . ."

ආන්ටි ඔළුව වනලා ඔක්කොම නෝට් කරගත්තා..

" එතකොට ඇත්ත තාත්තගෙ නම මොකක්ද?"

ආඝර්ව ඇහුවේ මගෙ දිහා බලාන් වෙනකොට මං ඌට රැව්වා.

" එහෙම කෙනෙක් නැහැ .. "

Majesty Luna  Where stories live. Discover now