මං සිද්ගෙන් ඇහුවහම එයා මගෙ එහා පැත්තේ හාන්සි වෙලා මාව ඇදලා එයා ගාවට ගත්තේ මං මගෙ අඬු බඬු ඔක්කොම එයාගෙ ඈඟට දාලා බෙල්ල අස්සෙ මූණ ගහගන්නකොට සිද් මගෙ පැත්ත හැරිලා මගෙ දිග කොන්ඩේ ඔක්කොම එකතු කරලා කොහෙද මන්දා ගත්ත බුලකින් බැදල දැම්මා..
" Love you මැනික..!"
එයා හිතුවේ මං නිදි කියලද මන්දා ඒ වචන ටිකට මගෙ පපුව මොකක්ද උනා.. ගැහෙන වේගේ වැඩි උනා.. මං ඒත් නිදි වගේ හිටියේ ලැජ්ජාවට..මං දන්නවා එයාට මගෙ හාට් එක ගැහෙන වේගෙ ඇහෙන්න ඇති නැතුව බැහැ නේ..
.
.
.
.
.
" බැහැ..! "මං හිටියේ අයියලාගෙ ගාඩ්න් එකෙ කෝල් එකක.. හෙට අපි යුනිවසිටි යන්න ඕනේ දවස වෙලත් මේ තාත්තා මගෙ ඔළුව කන එක නතර කරලා නැහැ ....
" ඕකිගෙ උපන්දිගේ සමරන්න මං මොකටද!! අනේ මෙ මිස්ට වේදාන් !! ආයෙ මට කෝල්ස් ගන්න එපා.. පුදුම කරුමයක් උනානේ මේක..!"
මං ෆෝන් එක අතේ ගුලි කරන් හොඳ හුමක් ගත්තේ මාවම පාලනේ කරගන්න..
" ඇයි මොකක්ද වීණාව් ප්රශ්නේ..?"
රාහුල් අයියා පුච්චපු මස් ප්ලේට් එකක් අරන් මට දීලා අහානකොට මං කට ඇද කරලා වැඩක් නැති දෙයක් කිව්වා..
" වැඩක් නැති දෙයක් රාහුල් අයියේ... අර ඇතින්නගෙ මාසෙ උපන්දිනේ සෙලිබ්රේට් කරනවලු..එන්නලු.."
" මාසෙ එකත් සෙලිබ්රේට් කරනවද සුදූ එහෙම.."
අයියා බීම එකක් තියලා ඇහුවේ පුදුමේ වගේ. රාහුල් උරහිස් ඇකිලුවා මාත් එක්කම එකට..
" විකාරනේ අයියේ සල්ලි තියෙනවා කියලා පුදුම රැඟිල්ලක් උන්ගේ.. අර අලුතෙන් ඕපන් කරපු සේනාදිලංකාර හොටෙල් එක කොළඹ 7 දන්නවානේ.."
දෙන්නම ඔව් කියන්න ඔළුව වැනුවා..
" අන්න ඒකලු මාසෙ ගිෆ්ට් එක.."
" සීරියස්ලි...!!"
අයියා අහනකොට මං පුරුද්දටම කකුලක් පිට කකුලක් දාගන ඔළුව වැනුවේ කොන්ඩේ ඔක්කොම දකුණු උරහිසෙන් ඉස්සරහට දාන් චිකන් ප්ලේට් එකෙන් චිකන් කෑල්ලක් කට්ට දාගන්න ගමන් රාහුල් අයියා ටූත්පික් එකක් දුනත් මං එපා කියලා අතින්ම කෑව චිකන් ඩෙවල් දාලා. අද මෙයාලගෙ පාටි එකක් නැහැ නිකන් චූටි එකක් අල්ලපු ගෙදර්ට අලුතෙන් පවුලක් ඇවිත්ලුනේ..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)