කවුද තමුසේ????!!!!"
මගෙ කටේ කෙලත් හිඳුනා.. මට පුටුවෙන් ඉබේම නැගිට්ටුනේ.. මං අඩියක් පිටිපස්සට තියෙනකොට ගෞතම් අඩියක් ඉස්සරහට තිබ්බේ සිද්ධාර්ත් අත් දෙක බැඳන් බලාන් ඉන්නකොට... ඒ මූණු දකිනකොට මගෙ කටට අවේ සෙල්ලංකාර හිනාවක් නිසා මං යටි තොල හපාගත්තා..
" මං කවුද??"
මං ඇහුවේ අඩියක් පිටිපස්සට තියලා කට කොනෙන් හිනාවක් දාන් වටේම කළුවරයි කිසිම දෙයක් පේන්නෙ නැහැ අපිට ඇස් අඳුරෙ පේන නිසා හොදයි...
" ම්ම් කවුද උඹ චූටි....!?"
ගෞතම් එහෙම අහනකොට මං කරේ අත් දෙක දෙපැත්තට දික් කරලා බෙල්ල ටිකක් වම් පැත්තට නැමුවේ මගෙ කොන්ඩේ ඒ පැත්තට ටිකක් බර වෙනකොට..
" මං ආදිත්...! නිකම්ම ආදිත්...!"
" සීරියස්ලි .. ම්හ් නිකම්ම ආදිත්ද?"
සිද්ධාර්ත් එහෙම ඇහුවේ ඉන්න තැනින් අඩි කීයපක් ඉස්සරහට ඇවිත්...
" ම්ම් ඔව් ඇයි සැකද?"
" ඔව් සැකයි... හොඳටම...!"
ගෞතම් එහෙම කිව්වෙ තව අඩියක් ඉස්සරහට තියලා වෙනකොට මං තව අඩියක් පිටිපස්සට තිබ්බා...
" ඉතින් සැක කරන්න ආයූ..ඔයාමනේ කිව්වේ..?"
මං එහෙම කියනකොට ගෞතම් මූණෙ ඇදුනේ සමච්චල් හිනාවක් ඒ මං වෙනුවෙන්මයි..
" උඹට මං කිව්ව දේවල් මතකයිද චූටි ..."
" යෙප්...වයි නොට් හනී..."
" හනී..?"
මං ඇහැක් ගැහුවා..
" දැන්වත් කියන්න චූටි මෙ විකාරේ මොකක්ද කියලා?"
සිද්ධාර්ත් හරිම සන්සුන් විදිහට ඇහුවේ ..
" දන්නවද සිද් මේ ලෝකෙ සමහර රහස් තියෙනවා තමන්ගෙ හස්බන් උනත් දැනගන්න ඕනේ නැති ඒවා. ඒව මාත් එක්කම වැලලිලා යන්න ඕන දේවල් වෙනකොට මං කොහොමද ඔයාට කියන්නේ..?"
" ආදරේ කරන දෙන්නෙක් අතර රහස් තියෙන්නෙ බැහැ චූටි ..."
ගෞතම් එහෙම කියනකොට මට යන්න පුළුවන් උපරිම ගියා මාව බිත්තියට කොටු උනා...
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)