අපි තාම ඉන්නේ එලියේ එලියේ කිව්වට මේන් ගේට් එකෙන් ඇතුළට ඇවිත් ඒත් තව ගේට් එකක් තියෙනවා යුනිවසිටි එකට යන්න අන්න එතන ..
මං ඇතුලට ඇවිත් විනාඩි තුනක් යන්න ඇති ඕන්නම් .. මං මෙච්චර වෙලා කරේ ඒ මූණ හොයපු එක.. කෝ ඌ..
ඇස් කරක කරකව , ඇස් හීනි කරලා මං අත් දෙක බැඳගෙන මොකාද එකා වගේ හැමෝම දිහා හොඳ අවදානෙන් බැලුවා.. ඔක්කොම දිහා බලාගෙන ගියපු මගෙ ඇස් දෙක රිවස් එකට පිටි පස්සට ගත්තේ තව කෙල්ලො ටිකක් එක්කන් සිරික්කිය දාන් ඉන්න ඒ රූපෙ මගෙ ඇස් දෙකට අහු උන නිසායි..
මං දත් මිටි කාගෙන ඌ දිහා බලාන් ඉන්නකොටම ඒ තප්පරේම ඒ චොකලට් පාට ඇස් මගෙ දිහාට හැරුන ගමන් මං අහක බලාගත්තා. දැන් උගෙ මූණෙ තියෙන ඒ පාච්චල් හිනාව මට මැවිලා පේනවා ඉම්හ්..ඉම්හ් .
" වන් මිනිට්ස් ගර්ල්ස්.."
තව අඩි දෙකකින් ඌ මං ගාව කියලා දැන දැනත් මං නෙවෙයි ඒ පැත්ත බැලුවේ.. හුලඟට ඇවිස්සෙන කොන්ඩෙ ඔක්කොම අල්ලලා වම් උරහිසෙන් ඉස්සරට දාගත්තා...
"දෙව්ලිය මගේ..
කොහෙද හැංඟිලා..
ඔය දෙකොපුල් තෙමා..
රන් නා දලු සිඹිමි
මම දෙනුවන් වසා...
නුඹ අහසින් වඩිම්...... මගෙ වීණූ ඔයා ආවද..?"හෑයියා.. රැහැයියෙක් කෑගහනවා වගෙ .. මගෙ කරට අතක් දාගෙන මූණට එබිලා මට අයිතිවාසිකම් කියනකොට මං මට නෙවෙයි වගේ හිටියා..
" මොකද මෙ පුප්පන්නෙ ම්ම්.. මහ ලොකු වැඩක් කරලා නේ උඹ ආවෙ.."
"........................................."
" උත්තර දීපන් ඉතින්..කැම්පස් එකට අඩිය තියනකොටම ලක්ෂ ගානක අලාභයක් කරන් ආපු එකම එකා තෝ වෙන්න ඕනේ.."
මං උගෙ අත අයින් කරලා ඌට රැව්වා.. කරත්තේ පිටි පස්සෙන් රෝදෙ කැරකි කැරකි එනවා වගේ මේ ගොනත් මගෙ පස්සෙන් එනවා පුදුම කරුමයක් කරලා තියෙන්නෙ මං ගිය ආත්මේ..
මං අකේත්යගෙ උඩ ඉඳන් පල්ලෙහාට බැලුවා.ඌට නම් කිසිම අලාභ හානියක් වෙලා නැහැ .. ඌට විතරක් නෙවෙයි මෙතන ඉන්න අනිත් කිසිම කෙනෙක්ට..කළු ඩෙනිමට සුදු ටී ෂර්ට් එකක් ඇඳලා උඩින් ලෙදර් ජැකට් එකක් දල් කොන්ඩ කෑල්ලක් මූණට වැටෙන්න හදාන් ඉන්නවා.. උගෙ ඇස්.. ඒව බලල් ඇස්.. මං ඉන්නේ උගෙ උරහිස ගාවට ඌ උස වැඩි නැතුව මං කොට නැහැ ..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)