ඔක්කොම වෙන්න යන දේ දිහා කුතුහලෙන් බලාන් ඉන්නේ මාත් ඇතුලුව..
" රාහුල් මොකද මෙතන වෙන්නේ..ම්ම්.."
නිල් පාට ඇඳන් හිටපු කෙනා නිවිච විදිහට එහෙම ඇහුවහම රාහුල් සර් අර පම්කයව දාලා ඒ දෙන්න ගිහින් වෙච්ච දේ කිව්වා.. ඒ දෙන්නම එතන ඉදන් රාහුල් කියන දේ හෙන... සාව දානව අහන් ඉන්නකොට මෙතන මගෙ හාට් එක රේස් පදිනවා.. මට ආපු දවසෙම අනිත් අතට යන්න වෙයිද මන්ද...
" ම්ම්.. ගෞතම් මං කතා කරන්නද ඔයා කතා කරන්නද?"
" ඔයාම කරන්න.."
ඒ කියන්නෙ කළු පොරවන් ඉන්න කෙනාගෙ නම ගෞතම්.. ම්ම් ම්ම් ලස්සනයි ඒත් නමටනම් සාදාරණයක් කරනවද කියලනම් සැකයි..නිල් පාට ඇඳන් හිටපු කෙනා ඉස්සරහට ඇවිත් හැමෝම දිහා හොඳට බැලුවා මං හිටියේ ගහට ජැක් එකක් ගහන්..ඒ ඇස් අනිත් අය ලඟට වඩා වෙලාවක් මං ලඟ රැදුනදෝ කියලත් මට හිතුනා උබර්ට දැන් පිස්සු හැදීගෙන එනවවත්ද වීණාව් ඌ මොකටද මන් දිහා වැඩි වෙලාවක් බලාන් ඉන්නෙ මෝඩ කතා හිතන්නෙ නැතුව ඉදපන් .. මන් මගෙ නලලට ටොක්කක් ඇනගෙන නිල් කෝට් කාරයගෙ කතාවට අවධානෙ දුන්නා.
" good afternoon gys! මම සිද්ධාර්ත් අගාන් හෙල්ඩ්‍රෝන්.. නවක වසරෙ සිසුන්ව සාදරයෙන් DARK MOON UNIVERSITY එකට පිළිගන්නවා..!! යුනිවසිටි එකෙ Chancellor මම වගේම මේ ඉන්නේ ඔයාලගෙ උප කුලපති ගෞතම් අයාන් හෙල්ඩ්‍රෝන් ..... ඉතින් මට කාරණා කිහිපයක්ම ඔයාලට කියන්න තියෙනවා..... ගෞතම් මොකද කරන්නෙ කියලන මෙ ප්‍රශ්නෙ විසඳනවද නැත්තම්.."
" කියලා ඉන්න.."
" ඔකේ.."
හඬ බුරුල් කරන් සිද්ධාර්ත් මූණට මහ බැරෑරුම් පාටක් ආරූඩ කරගත්තා..
" පලවෙනි දේ තමා රූල්ස්! මං හිතන්නෙ අපේ ප්‍රොෆෙසර් රාහුල් ඔයාලට රූල්ස් කියලා දෙන්න ඇති ඒත් අපි දන්නවනේ ඔය තරුණ ලමයින්ගෙ මොලේ ඒක නිසා අපි ඔයාලට පොඩි හෑන්ඩ් බුක් එකක් දෙනවා ඒක පාඩම් කරගන්න ඕනේ..රයිට්."
කොච්චර මූණ බැරෑරුම් කරගත්තත් මිනිහෙක්ට මෙච්චර නිවිල කතා කරන්න පුළුවන්ද කියලා මට හිතුනා ඒ අස්සෙ ...
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)