Part 4

63 9 1
                                    

Adhisah  pov

" ශිට් අද කාලෙ කොල්ලෙක්ටවත්  පාරෙ යන්න බැ !. පුදුම අසහනකාරයො තමා  ඉන්නෙ. ගයේශයා වගේ  හොදට අත පය උස්සන්න මාත් පුරුදු උනානන්  හරි.  අපරාදෙ ඒම උනානන් අර සුදු උස එකාට මන් කකුලට නෙවෙ බඩටයි පාරක්  ගහල එන්නෙ .
ඌ මට Mind  your language  ලු !!  යැයි යැයි තමා..ගයේශයටවත් බැරුව  ඌ කෝමද මගෙ කට හදන්න එන්නෙ .මාර පිස්සු හු# තමා.

"මොනාද මල්ලි  කුටු කුටු ගාන්නෙ ? "

"අහ් නැ මොකුත් නැ නිර්වාන් අයියෙ." 

"මොකුත් නැත්තන් T shirt එක දාගෙන පල්ලෙහාට ය්න්න.වැඩ ඇති "

"හරි  අයියෙ ".

" ඇයි මොකො  අද ගයෙශ් නැද්ද ? "

" සුවර් නැ. සමහර විට එන්න පුළුවන් .එයාට පොඩි ප්‍රශ්නයක් උනා අයියෙ ඒකයි "

" ඔයාලා  වැඩ කරන්න ඉන්නෙත්  මෙ ටික කාලෙ විතරයි .ඉතින්  එ ටික හරි  බැලන්ස් කරන් වරෙන්..මන්  හිතන්නෙ දැන් ස්කුල් නිවාඩුව ඉවර වෙන්නත්  ලගයි නෙද ? "

" ඔව් අයියෙ ලබන සතියෙ විතර වෙනකොට  ඉස්කොල පටන් ගන්නවා .සති  තුනකට  විතර මෙ ජොබ් එක දුන්නට ඔයාට ගොඩක් තැන්ක්ස් අයියෙ.ඇත්තටම ඒක ලොකු උදව්වක්  උනා."

"මල්ලිලව දන්න නිසා සප් එකක් දුන්නෙ..ඒවයෙ වැඩක් නැ .පල්ලෙහට  යන්න  ඒනම් දැන් "

"හරි අයියෙ "

දැන්  හවස තුන හමාරයි.දැන් ඉදන් රැ නවය වෙනකල් ගේමක් ගහන්න තමා  තියෙන්නෙ. මුලින්ම  හවස  හය  විතර වෙනකල්  තියෙන්නෙ කිචන් එකෙ වැඩ වලට උදව් කරන්න .පස්සෙ හවස හයෙ ඉදන් නවය වෙනකල් තියෙන්නෙ වෙටර් කෙනෙක් වෙන්න . මේකෙන්    එකදස් දෙසියක් පන්සියක් විතර දවසකට හොයන්න පුළුවන් වෙනකොට කස්ටර්මස්ලගෙන් tips වගෙ හම්බුනොත්  තව පන්නලා  හෙව්ව හැකි.

කිචන් එකෙ වැඩ  කිව්වට තියෙන්නෙ හේදුම්කාරක වැඩ තමා .මෙකෙ  කර්ටරින් සර්විස් එහෙකුත් යන නිසා සේදුම් වැඩ වැඩි  .වෙනද වගේම  බාජන හෝදන්න ගත්තු මම හවස හයට ලන් වෙනකල්ම නොනවතින බාජන කදු සෝද සෝද  අයින් කලා.හයට ලන් වෙනකොට තව අය  වැඩට ආව නිසා මට කිචන් එකෙන් වෙටර් කෙනෙක්ට මාරු  වෙන ටයිම්  එක ආවා..හවස  වැඩට එන ගොඩක් අය උදෙ තව ජොබ් එහෙකට ගිහින් පහට ඕෆ් වෙලා තමා  එන්නෙ..ඒම බැලුවොත්  එ මිනිස්සු  මුලු දවසෙම  සොච්චම් පඩියක් හොයන්න හැල්මෙ දුවනවා  .ඒත් කඩෙකට  ගියාම බඩු වල ගනන් හැටියට ගත්තු  පඩිය  වාස්ප  වෙන්නෙ ඇගට පතටත් නොදැනිමයි .ආපස්සට හැරිලා බැලුවොත් එ මිනිස්සු  තමන්ගෙ සතුට වෙනුවෙන් කරගත්තු දෙයකුත් නැ.ඒත්  අපිත්  එක්ක වැඩ කරන විමල් අන්කල්නන් කියන්නෙ එයාට මෙ හැල්මේ  දුවන එක  සතුටික්ලු ..ජිවිතෙ පෙරලෙන හැටියට එයා සතුටු වෙනවලු..ඒත් මට නන් ඒක පිලිගන්න බැ. අපි ට පුළුවන්නෙ  ජිවිතෙ ඔහෙ පෙරලෙනකල් බලන් ඉන්නැතුව අපිට ඕන අතට පෙරලගන්න. රාමුවකට සීමා නොවි හැමදෙයක් දිහාම බලන්න පුරුදු වුනාම ගොඩක්  දේවල්  අපි හිතන තරම් දුර නෙවෙ තියෙන්නෙ.ඒත්  ගයියානන් කියන්නෙ  උබ ඕව හිතුවට කමක් නැ කාටවත් ඒම කියන්න යන්නෙපාලු.  කොච්චර අඩු පාඩු තිබ්බත් මිනිස්ස්සු තමන්ට කියලා හැඩ ගැහුනු  ජීවිතට තුල සතුටින්ලු ඉන්නෙ.අපි හැමෝම එක වගෙ නැනෙ...

Enough LoveWhere stories live. Discover now