Part 12

44 7 7
                                    

Adhisha pov

හාමු මහත්තයව අල්ලන්න මන් දුවගෙන ගියා.

" කවිජ ඔම ඉන්නකො පොඩ්ඩක් හිමින් යන්කො .ඇයි  අනෙ මෙච්චර කලබල ."

එයා පඩියට දෙකට නගිනකොට මන් පඩිය ගානෙ නගිනවා.මට හති .

තුන් වෙනි තට්ටුවෙ කොරිඩොවට එනකොට එ පැත්තම හරිම නිශ්ශබ්දයි..මෙ වගෙ වෙලාවක මහ පට්ට මූසල හැගිමක් එන්නෙ.

"ඉක්මනින්  එනවා නැත්තන් වින්ඩිට අහු වෙයි..! "

"කව්ද වින්ඩි !"

" ඔයා හොල්මන් වලට බයද ?"

කවිජ එක පාරටම මගෙ පැත්ත හැරිලා අහපු ප්‍රශ්නෙත්  එක්ක මන් අන්දුන් කුන්දුන් උනා

"ඕ..ඕ ඔව් ඉතින් "

""ඔයා  හිතන්නෙ මෙ පැත්ත පාලුවට ගිහින් තියෙන්නෙ නිකන් කියලද් "

මෙ මනුස්සයා කියන ඒවට මගෙ ඇගෙ මයිල්  කෙලින් වෙනවා.

"මො..මොකක්ද ඔයා කියන්නෙ ?"

කට කොනින්  හිනා උනු කවිජ  ආයෙම අනිත් පැත්ත හැරිලා වෙගෙන් යන්න ගත්තෙ එයාගෙ වචනත් එක්ක මාව කරකොලා අතැරලා.

"මොකක්ද ඔයාකියන්නෙ ?? ඕ..ඕ ඔයා කියන්නෙ මෙහෙ හොල්මන් ඉන්නවා කියලද ! කව්ද වින්ඩි..? කවිජ මන් ඔයාගෙන් අහන්නෙ ??කව්ද ඒ !! "

""ශ්හ්හ්හ්හ්හ්හ් !!  " 

එක පාරටම කලබල උනු කවිජ කටට ඇගිල්ල තියලා නිශ්ශබ්ද වෙන්න කිව්වම මාත් බය උනා

"ඇහුනද ඔයාට  ! එ සද්දෙ !! "

""මො..මො..න  සද්දෙද ? "

""කෙල්ලෙක්  අඩන සද්දයක් !!!  "

"පි..පි..ස්සුද ?? මට  ඇහුන් නැ   !!  තමුසෙ මාව බය කරනවා ..! "

""ශ්හහ්හ්හ් !!   කැ ගහන්නෙපා  හොදට අහන්න !"

කවිජ කිව්වම මාව හීතල උනා..මෙ වෙනකලුත්  මගෙ කෙලින් වෙලා තිබ්බෙ නැති මයිල් ගසුත් දැන් සෙරම කෙලින් වෙලා හිරිකඩුත් පිපිලා....මුලු  තට්ටුවෙම කිසී....ම සද්දයක්  ඇහෙන්නැති  කොට අපි දෙන්න හුස්ම ගන්න සද්දෙ විතරයි මට නන් ඇහුනෙ.

""Enough !!  ඔයා බොරු  කියන්නෙ !! ඔන දෙයක් කරගන්න එකයි ඇත්තෙ මම ආපහු යනවා " 

Enough LoveWhere stories live. Discover now