Part 13

50 7 7
                                    

Adhisha pov

"අඩො හරිනෙ " දුවිදු කිව්වෙ බය වෙලා

"සිරාවට !!! "

මගෙ ඉහෙ මල් ගොඩයි

"ඒක තමා මට හිතෙනවා දැන් නන් සමහර විට උත්තර පත්‍රෙත් වැරදි ඇති කියලා !"

"ඕකට කියන්නෙ කුහක කම !"

"මොකක් "

"මට හරි උත්තරෙ ආවට පස්සෙ ඔයා කියනවා  උත්තර පත්තරෙ වැරදිලු. දෙයියොම බලාගන්න ඔනෙ මෙව්වා "

"ඉතින් ඇත්තනෙ කිව්වෙ  ඔයා කොමද මෙ ගාන එක පාරින් හැදුවෙ ආ?"

"ඔයාට මොකක්ද මාත් එක්ක තියෙන ප්‍රශ්නෙ ආ !!"

"මට ඔයත් එක්ක නෙවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ .මට ප්‍රශ්නෙ තියෙන්නෙ උත්තර පත්‍රෙත් එක්ක..මේම බොරු උත්තර තිබ්බම ලමයි රැවටෙනවනෙ."

"උත්තර පත්‍රෙ හරි !!!"

""ඔය දෙන්නා ඔක නවත්ත ගන්නවද ?!!""

මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටිය ගයෙශ් අපිට වඩා හයියෙන් බෙරිහන් දුන්නා

"ගයෙශ්හ්හ්  ස්ටඩී රුම් එක තියෙන්නෙ කැ ගහන්න නෙවෙ "

අනෙ ඉතින් ගිරිය පුප්පන් කැ ගහනවනෙ මෙ ලමයා . අනිත් ලමයින්ටත් බාදාවක් අපෙ මෙ ගයෙස් නන්.

මහ බලු බැල්මක් මට දැම්ම ගයෙශ් ආයෙම එයාගෙ ලොකු පොත අස්සට මූන ඔබා ගත්තා

හරීම නිස්සද්දයි  අනෙ මෙ රූම් එක. ඈනුනුත් යනවා..සමහර ලමයිනන් ලොකර් එකෙන් පෝන් නෙක අරන් ඇවිත් පොත් අස්සෙ දාන් හොරෙන් ඔබනවා.ඒක තමා මෙච්චර නිශ්ශබ්ද ..නැත්තන් මුන් පොත්ම කියවයි  .

අසිනිලාව වැටිල හිටියෙ  අයුලිලා එක්කනෙ .එකෙ ඉන්නවනන් ඉන්න ඔනෙ ඉතින් අයුලිට ඔන විදිහට තමා .උන්වත් මේස දෙකකට එහායින් පෙනවා. අනෙ ඉතින් අපෙ නිතෙශ් සරුත් මොකක්දො මන්දා පොතක් කියොනවා ඈත මෙසෙක තනියම ඉදන්.අනෙ ඉතින් කන්නාඩි දෙකකුත් දාලා පොත් කියොනකොට මාර හැන්ඩ්සම් අප්පා..

හැම ගෘප් එහෙකම ලමයි ඉන්නකොට අපෙ එකෙ  වෙනද වගෙම හිටියෙ බාගයයි.හරිම අසාර්ථකයි අප්පා .

"හායි මාත් ඉන්න ඔනෙ ඔයාලත් ඒක්ක නෙද ?"

සිතුවිලි අස්සෙ අතරමන් වෙලා ඉන්නකොට කව්ද් ඇවිත් කතා කලා.

Enough LoveWhere stories live. Discover now