At night
Adhisha pov
මන් හිටියෙ අපෙ ගෙදර හිච්චි බැල්කනියෙ උඩ පුටුවක් උඩ වාඩි වෙලා කකුල් දෙකත් උඩ දාගෙන ලොකු මැඩම්ගෙ පොත කියොන ගමන්..දැන් වෙලාව රැ නවයටත් ලග ඇති. පෝයත් ලග නිසා බාගෙට මෝරපු රැ අහසෙ හදත් ඈත අහසෙ මෙ වෙනකොට පායලා හරි අපූරුවට මට සිරික්කිය දාන් හිටියා..හදෙත් කෝලන්..
මට ඇහුනා ආයෙමත් බයික් හඩක් .මන් පොත අහක් කරලා පහල බැලුවාම දැක්කා තුන්වෙනි වටෙත් අද ඉස්සරහින්ම ගියෙ කලු යමහා එක..අනෙව් මගෙ ප්‍රේම කුරුල්ලා !! ..අදත් එයා දින්නා මන් හිතන්නෙ..මොකද වට තුනම එයා තමා මුලින්ම ගියේ..මෙ රැ හෙන වෙගෙන් හුලන් කපන් ඔහොම යනකොට වාව් එ ෆීලින් එක මරු ඇති. මටත් යන්න ඔනෙ...
""අදීශ !!!! " ගයෙශ් කැ ගැහුවා
එව්ව්ව් මූ මට හිතෙන්වත් රේස් පදින්න දෙන්නැ අවලමා.
""මොකද වදෙ ?? !!"
""තමුසෙ බිත්තර ගෙඩි දෙක පැන්ට්‍රි කබඩ් එක අස්සෙ ගැහුවා නෙද ??"
හුටා ! මූ ඒකත් හොයාගෙන..කෝම හොයා ගන්නවද මන්දා .පුදුම ඉවක්නෙ .
මන් අහින්සක ගොන්පාට් හිනාවක් ගයෙශ්ට දැම්මා
"තමුසෙනන් !!! "
"හරි වදෙ බනින්න එපා ! මට බැ උදෙට නැගිටලා කන්න මහ ලොකු දෙවල් හදන්න ..බිත්තර දෙකක් ඔම්ලට් දාගත්තම කොච්චර ලෙසිද ..අනික බිත්තර කන්න ඔනෙ උදෙට..රැට පිළී කෑම කන්නැ..දන්නැද්ද ගයෙශ්හ් !..අපි දෙන්නා විතරයි මෙකෙ ඉන්නෙත්. ඔය පිළී මෙ මහ රැ කාලා මොනා හරි උනොත් ! ඔයා මෙවා ගැන මීට වඩා හිතන්න ඔනෙ ගයෙශ්හ්හ්හ්හ් !!
ඔයා ගැන නැතත් මන් ගැන මිට වඩා හිතන්න ඕනෙ ඔයා ! "මන් ඉටින් කටට එන සෙරම එවා කියලා මාව නිවැරැදියි කියන්න උත්සාහා කලා.. මූට මොකුත් කියනවට වඩා හොදයි නිකන් ඉන්නව වගෙ මහ අජූත ලුක් එහෙකින් රවාගෙන මන් දිහා බලන් හිටිය ගයෙශ් ආපහු ඇතුලට ගියා.
කුකින් ප්‍රශ්නයක් අනෙ මේකට හේතුව..රැට උයන්නෙ ගයෙශ්නෙ..ඉතින් උදෙට උයන්න ඔනෙ මන්ලු..මන් ආස නැ අනෙ රැට උයන්න..උදෙට යන්නත් ආස නැ .මන් නැගිටින්නෙත් පරක්කු වෙලා මොන ඉවිලිද ..ඒත් ඉතින් ගයෙශ්ට බැලුනෙ වේල් දෙකම උයන්න .මල කෝලන් .මන් හවස දැක්කා ඔය බිත්තර ගෙඩි දෙක කිචන් එකෙ තියනවා... මන් එ දෙක හැන්ගුවෙ ඉතින් මට උදෙට උයන්න .ඒක ලේසීනෙ ඔම්ලට් දාගත්තහම..ගයෙශුත් හිතන් ඉන්න ඇත්තෙ රැට ඔය දෙක තම්බලා ලේසියට ගිල්වන්න .ඒවා කොහෙද මාත් එක්ක. දවල්ට නන් කැන්ටිමෙන් බුෆෙ එක විතරක් ෆ්‍රි දෙනවනෙ. එ නිසා බත් එකක් පොලිමෙ ඉදල බෙදා ගත්ත හැකි.අපිනන් ඉතින් ස්කොලර් ශිප් නිසා අව්ලක් නැ. ඔය ලොකු ලොකු සමාගම්වල ලමයින්ගෙන්නම් ටර්ම් එහෙකට ඔය ෆැසිලිටිස් සෙරම අල්ලලා ගානක් කඩා ගන්නවා ඇති.
YOU ARE READING
Enough Love
Non-Fictionතාරුන්‍යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර...