" ශේන්"
" ම්ම්.."
" එයාද ශේන් ඇල්ෆලාගෙ හස්බන්.."
" නැහැ!!"
" උබ කොහොමද බං එහෙම නැහැ කියන්නෙ ඌ කිව්වේ!"
" බඩේ ඉන්න ලමයින්ට දැන්ම උප්පැන්න හදලා වැඩක් නැහැ වීණාව් .. වෙන්න තියෙන දේ වෙයි හැමදේම වෙන්නෙ අම්මට ඕන හැටියට මිසක් කොහෙවත් යන සක්කරවට්ටම් වලට ඕන විදිහට .. වීනාව් ඔයාට මහන්සි දැන් නිදාගන්න!"
ශේන් මයින්ඩ් බ්ලොක් කරා..මං ඌටත් බැන බැන උඩට ඇඳන් හිටපු ෂර්ට් එක ගලවන්න ගිහින් ටග්ගාල බෙල්ල හැරෙව්ව එහා ඇඳට.. ෆින් ඉයර්බඩ් දෙක ගහන් කෝල් එකක් ඉන්න ගමන් ඇස් දෙකත් ටොන් සයිස් කරන් මං දිහා බලාන් ඉන්නකොටම මං ගොං හිනාවක් දාලා ෂර්ට් එක ආපහු පහතට දාලා කොන්ඩෙට ගහන් හිටපු ඒ ලස්සන කට්ට ගැලෙව්වා.. සයිඩ් ටේබල් එක්ක නැහැ නේ.. මං ඒක හුලගේ පා කරලා හිමීට ඩෙස් එක උඩින් ලෑන්ඩ් කරනකොට ෆින් ඉන්නවා කටත් ඇරන්..
" ගුඩ් නයිට් ෆින්..."
"අආඅහ්..ගුඩ් නයිට් ල්..සෘතු.."
මං බෙඩ් ශීට් එක ඔළුවෙ ඉඳන් පොරව ගන්නකොට ෆින් ලයිට් ඔක්කොම ඕෆ් කරා කියලා තේරුනා..
"තෑන්ක්ස්.."
මං අඩ නින්දේ මිමිනුවේ ෆින්ට..
" ඒක මගෙ රාජකාරිය ෆියුචර් ලූනා!!"
ඌ මොනවා හරි කිව්වත් ඒක මට හරියටම ඇහුනේ නැහැ ..
.
.
.
.
.
" ආදිත්! හොඳට අහගන්න මං කියන දේ!!"මං මේ කොහෙද ඉන්නේ..! මං නිදාගෙනනේ හිටියේ.. මගෙ ඉස්සරහ හිටියේ අපැහිදිලි චායා දෙකක්..හරියට සර්පයෙක් වගේ ඔළු දෙකක්.. ඒත් හරියට පැහැදිලි නැහැ .. මට ගත්ත හුස්මත් පහත දාන්න අමතක උනේ ඒ දම් පාට ඇස් දැක්කහම..
" ක්..ක්..කවුද ඔයා.."
" ඒව වැඩක් නැහැ දැම්ම.. අපි කියන දේ හොඳට අහගන්න වීණාව්..ශේන්!! "
මගෙ සුදු පාට වෘක පැටියත් බය වෙලා මං දිහා බලනකොට ඌට තේරෙන්න ඇති මාත් ඉන්නෙ බය වෙලා කියලා..
" තව පුර පෝයවල් දෙකකින් එන චන්ද්රග් ග්ග්රහය වෙනකම් ඔයා පරිස්සමින් ඉන්න ඕනේ!!"
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)