10

1.1K 161 18
                                    

ක්ලික්...
ක්ලික්

ෆින්ගෙ කැමරාවෙන් එක දිගට ෆ්ලෑෂර් එක වැදුනේ.. මං ඌර රැව්වහම ඌ ඒකෙනුත් ෆොටො එකක් අරගත්තා..

" හදිස්සියේ ඕන උනොත් නේ වීණූ.. "

ඌ එහෙම කියලා බිත්තියට හේත්තු උනේ කට කොනෙන් හිනාවක් දාන්.. ඩේලි කටත් ඇරන් මං දිහාට ඇවිත් මගෙ කන්නාඩි දෙක අල්ලලා මගෙ කම්මුල් දෙකත් ඇල්ලුවා..

" අකී අපෙ සුතූ බ්ලැක් ප්‍රින්ස් කෙනෙක් වගේ ඒයි.. මේ අත් වල මසල්ස්.."

මං ඌට කට කොනෙන් හිනාවක් දීලා කම්මුලක් මිරිකලා බෑග් එකට බඩු ටික දාගත්තා. අද අපිට ඩාන්සින් ක්ලාස් තියෙනවලුනේ..

" යමු.. "

ඩේලි උගෙ සුදු පාට බෑග් එක එල්ලන් පැන පැන ගිහින් ෆින්ගෙ අතේ එල්ලුනා.. ෆින් උගෙ ස්පෝර්ට් බෑග් එක එල්ලගෙන ඩේලිත් එක්ක ඉස්සරහට යනකොට මං කබඩ් එකේ තිබ්බ කළු sneakers shoes දෙක දාගත්තේ ඇඳුමට මැච් වෙන්න..ලෙගින් එක විලුඹ ගාවට වෙනකම් තියෙනවනේ.. කුර්තා ටොප් එක මැනික් කටුව ගාවට වෙනකම්..

"  අදනම් පට්ට ගති උඹ.. හැන්ඩ්සම් .. "

" සීරියස්ලි මගෙන් ඔමේගා ලුක් එකක් එන්නෙ නැද්ද.."

" මූණෙම් විතරයි ඒත් මේ ජෝව් ලයින් උල් නිකට ඒක්ක ඒකත් නැති වෙලා.. ඔය කන්නාඩි දෙකට උඹ පුදුම ලස්සනක් බං.. මේ බලන්නකෝ. කළු පාට ලෙගින් එක.."

ඌ මාව කන්නාඩිය පැත්තට හැරෙව්වා.. කළු පාට ලෙගින් එක කියලා පැත්තෙන් පලපු කුර්තා ටොප් එකෙන් පේන කලිසම පෙන්නුවා..

" මේ මහත කලවා වලට හීනි ඉන පලල් උකුළ අත් දිග කුර්තා ටොප් එකට උඹේ අත් ලාවට පේන මසල්ස් අපේ වගේ ගොඩක් නැතත් මෙහෙම තමා උඹට ගැලපෙන්නේ.. මේ ඉස්සරහට ඇවිත් තියෙන උගුරු ඇටේ කළු පාට ඝනකම් ඇහි බැමිත් එක්ක අපිට සාපේක්ෂව ඩේලිටත් නැහැ මෙච්චර ඇහි පිහාටු.. රෝස පාට ඇස් එක්කන් මේ කන්නාඩි දෙක කට කොනෙන් දාන ඒ හිනාවට කොල්ලො පිස්සු නොවැටි තියෙයිද බං..ම්ම්ම්.."

" ඔච්චර වර්ණනා කරන්න එපා මාව හඳට යයි"

" උඹ කවදාවත් උඹේ රූපෙ නිසා ආඩම්බර වෙන්නෙ නැහැ කියලා මං දන්නවා සුදූ.. මේ ඇස් කොච්චර වැහුවත් වැඩක් නැහැ මේ ඇස් තියෙන්න ඕනෙ හිනා වෙලා තේරුනාද.."

Majesty Luna  Where stories live. Discover now