ඊට පහුවදාම ටේහ්‍යුන් බූසාන් යන්න තීරණේ කරලා තිබ්බේ. කොහොමහරි සන්හිව හොයාගන්න. සෙමීගෙන් නම් කන පිරෙන්න ටේට අහගන්න උනේ කලින් කියන්නෙ නැතුව ගමන යන්න දාගත්ත හින්දා... මොකුත් නොදැන සන්හී අදත් ටේහි බබාව pre school එකෙන් දාලා cafe එකට ගියා...
🐯:- තමුසෙ තාම ලෑස්ති නැද්ද ඕයි
🌻:- මේ ඔප්පා එහෙනම් තනියම යනවකො යන්න
🐯:- මේකිට ඇත්තමයි මට දෙන්න එකක් නෑනේ
🌻:- කියවන් එන්නෙපා මන් අප්පට කියනවා එන්නෑ කියලා හරිද
🐯:- ආශ් තෝ නම්... ඉක්මනට එනව. පරක්කුයි යකෝ
🌻:- මොකද හදිස්සි කෑල්ලක් වත් බලන්න යන්න තියනවා ද
🐯:- ඔව් ඔව් කෑල්ලක් බලන්න යන්න තියනවා වරෙන් ඉක්මනට
ටේහ්‍යුන් කෑගහලා කෑගහලා කොහොමහරි අන්තිමට සෙමීවත් එක්කගෙන බූසාන් වලට ආවා... කෙල්ල නම් මග දිගට නිදි.. ටේට ඕන කොහොමහරි සන්හිව හොයාගන්නනේ. මගදි හරි දැක්කොත් කියල කොල්ලා හොද අවදානෙන් ආවේ...
🌼:- ඔන්නී මන් ප්‍රින්සස්ව අරන් එන්නම්
❄️:- time එක හරි නේ. එහෙනම් ගිහින් එන්න කෙල්ලෙ පරිස්සමෙන්
🌼:- හරි ඔන්නී
සන්හී යුමීටත් කියලා ටේහිව ගන්න school එක ගාවට එන්න ආවා... ටේහ්‍යුන් නම් සෙමීව එයාලාගෙ හොටෙල් එකෙන් දාලා තනියම ආවේ ඇවිදලා එන්නම් කියලා. සෙමීවත් එක්කන් යන්න කිව්වට ටේ අහයිද.. සෙමීට හොරෙන් සන්හිව හොයන් ආපු ගමන ගැන සෙමී දන්නවානම්...