ටේහි ගිහිල්ලා සන්හිට අප්පා ඔම්මව එක්කන් එන්න කිව්වා කියලා කිව්වට පස්සෙ කෙල්ල ටිකක් බයෙන් උනත් ටේහිව වඩාගෙන ගේ ඇතුලට එන්න ආවා. දොර ගාවට එද්දිම සන්හිහෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තෙ එදා සිද්ධිය මතක් වෙලා.
කෙල්ල දොර ගාවට වෙලා බලන් ඉන්නවා දැකලා ටේ ඇවිල්ලා ප්‍රින්සස්ව වඩාගෙන සන්හිගෙ අතින් අල්ලගෙන ඇතුලට එක්කගෙන ආවා. කෙල්ල නම් හොදටම බයවෙලයි ඉන්නේ.
🍃:- මේ ලමයා කොහොමද
🐯:- එයාට මොකුත් උනේ නෑ... මන් දැනගත්තෙත් ලගදි හැමදේම. මන් නැතුව අවුරුදු පහක්... අවුරුදු පහක් තනියම මගෙ ප්‍රින්සස්ව බලාගත්තා එයා
💦:- ලමයෝ...
ටේගේ ඔම්මා සන්හී ගාවට ඇවිල්ලා කතා කරපු පාර කෙල්ල එයා දිහා බැලුවෙත් බයෙන්...
💦:- මට සමාවෙන්න දරුවෝ මන් ඔයාවයි මේ පැටියාවයි මරන්න හැදුවට
🌼:- අහ් . අනේ මැඩම් මගෙන් සමාව ඉල්ලන්න ඕන නෑ.
🍃:- සමාව ඉල්ලන්නෙ නැතුව කොහොමද ලමයො අපෙන් උනේ පොඩි වැරැද්දක් නෙවෙයි
🌼:- ඒ දේ ඕන කෙනෙක් කරයි සර්. කවුද කැමති තමන්ගෙ පුතාව මන් වගේ මොකුත්ම නැති කෙල්ලෙක්ට දෙන්න