අද කොටස... 🌼🌼🌼
sun-hee pov : -
දොර අරින්න කියලා ගියත් ඔම්මගෙන් කිසිම සද්දයක් නැති තැන මන් ඔලුව දාලා බැලුවෙ කවුද ආවේ කියලා. දැක්ක දේත් එක්කන් මගෙ අතේ තිබුණ ප්‍රින්සස්ගෙ සෙල්ලම් බඩුවත් බිම වැටුනා.
ඒ හිටියේ මින්ජේ... මින්ජේ හිරෙන් නිදහස් උනා කියලා ජූන් ඔප්පා කිව්වා තමයි ඒත්.. මෙහෙ... මින්ජේ ඔම්මගෙ නළලට ගන් එකක් ඒම් කරගෙන අඩියෙන් අඩිය ගේ ඇතුලට ආවේ ඔම්මා පස්සෙන් පස්සට එද්දිම.. මට කෑගැස්සුනා ඔම්මව දැකලා... ඒත් ඊටත් පස්සෙ ඇතුළට ආපු මින්ජුන්ව දැක්ක පාර මන් තවත් බය උනා.
බොරු කියන්නෙ මොකටද මන් බය උනා ගොඩක් . ටේ... එයත් නෑ..අප්පට තනියම මොකුත් කරගන්න බෑ කියලා මන් දන්නවා. සෙමී ගැනත් මට බයයි . එයත් කෙල්ලෙක්. මේ මිනිස්සු දෙන්නා මහ තිරිසන්නු. මගෙ ප්‍රින්සස් .. පොඩි එකී ගැනත් මට බයයි. අනේ දෙවියනේ එයාලා කාටවත් කිසිම කරදරයක් වෙන්න දෙන්න එපා.
අප්පා කෑගහන් උන් දෙන්නා ගාවට ඇවිල්ලා ඔම්මව පස්සට ඇදලා ගත්තා. මින්ජුන් අප්පා ඉස්සරහට ඇවිල්ලා හිටගත්තේ මහ කැත විදිහට හිනාවෙවී...
🪳:- සම්චොන් ... මොකද දැන්ම මැරෙන්න ඕන වෙලාද