chapter 07

52 11 6
                                    

සන්හී ටේහිව ස්කූල් එකෙන් ගන්න ඕන කිව්වට පස්සේ ටේත් සන්හී එක්කම ප්‍රින්සස්ව එක්කන් එන්න ආවා. කෙල්ල එපා කිව්වා කියලා ටේ අහයිද නෑනේ ඉතින්...

දෙන්නත් එක්කම ටේහිගෙ ස්කූල් එක ඇරෙනකන් බලන් ඉද්දි ටේහි හෙමීට ගේට් එක ගාවට එනවා දැකලා සන්හී ඉස්සරහට ආවේ බබාව ගන්න.. සන්හිව දැක්ක ගමන් ටේහි බබා කෙල්ල ගාවට දුවන් ආවා

🌼:- ප්‍රින්සස් දුවන්න එපා  ලමයො ඔයා වැටෙයි

🐯:- ඩෝල් එයාට කැමති දෙයක් කරන්න දෙන්න.. පොඩි කාලේ නැතුව ලොකු උනාම කරන්නද

🌼:- ඔව් වැටිලා  තුවාල උනාම හරිනෙ ඊටපස්සෙ

🐯:- එහෙම තමයි ඩෝල් පොඩි ලමයි. අනේ මන්දා ඔයත් පොඩි එකා  වගේනේ ඒ පාර

💘:- අප්පා.... තේහිට චොකෝ එකක් අලන් දෙන්නකූ

🌼:- ප්‍රින්සස් ... අප්පට කරදර කරන්න එපා යන් ගෙදර

🐯:- ඩෝල්...

🌼:- ඇයි දැන්

🐯:- එයා මගෙ ලමයා. එයාට  කැමති දෙයක් මන් අරන් දෙනවා.

🌼:- මෙච්චර කාලයක් ලමයෙක් ඉන්නවා කියලා දැනන් හිටියෙත් නෑනේ

🐯:- ප්‍රින්සස් ඔයා car එකට යන්නකො අප්පා චොකෝ එකක් අරන් දෙන්නම්

💘:- හලේ අප්පා

සන්හී එහෙම කියද්දි නම් ටේට කේන්ති ගියා. ඔව් එයා කිසිම දෙයක් හොයලා බැලුවෙ නෑ  තමයි. එයා හෙව්වා  නම් සන්හී ගැන මීටවඩා කලින් එයාට එයාගෙ පවුල හම්බෙන්න තිබ්බා. එයා පරක්කුයි තමයි ඒත් එයා දැන් හරි එයාගෙ wife ගැන බබා ගැන හිතන්න අරන්.. ඉතින් සන්හී අර විදිහට කිව්වම කොල්ලට කේන්ති ගියා...

ටේ බබාව car එකට යවලා කෙල්ල ඉස්සරහට ආවේ එක අතක් සාක්කුවට දාගෙන ... ටේ අනිත් අතෙන් ඇදලා කෙල්ලව එයාගෙ පැත්තට හරව ගත්තා. ටේගේ කේන්තියෙන් පිරිලා තියන මූණ දැක්කම නම් සන්හිට බය හිතුන් නෑ  කිව්වොත් බොරු...

🐯:- මොකක්ද උබට වෙලා තියෙන්නෙ සන්හී . උබ කැමති නැද්ද ප්‍රින්සස් මාත් එක්කන් ඉන්නවට

𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED)Where stories live. Discover now