ටේ කලින්ම ගෙදර ආවේ සන්හී නිසාම. කෙල්ලට තනියම වැඩක් කරගන්න අමාරුයි කියලා දන්නවනේ.. ඇරත් සන්හී කාටවත් කරදර කරන්න කැමති නෑ කියන්නත් කොල්ලා හොදටම දන්නවා. ටේ කොහොමත් මේ දවස් ටිකේම කලින් ගෙදර ආවා සන්හී හින්දම. කෙල්ලට දැන් යන්තමට හරි අඩිය තියාගන්න පුළුවන් උන එක නම් ටේට සහනයක් උනා.
සන්හී ඔම්මත් එක්කන් kitchen එකේ හිටියේ . ඔම්මා නම් සන්හිට පැත්තකට ගිහින් ඉන්න කියලා කොච්චර කිවත් කෙල්ල ඇහුවෙ නැ. දැන් පොඩ්ඩක් ඇවිදගන්න පුළුවන් හින්දා සන්හී ඔම්මට උදව් කරන්න ආවේ.
ටේහි එතන ඉදලා අප්පා කියාගෙන දුවන් ගිහිල්ලා ටේගේ ඇගේ එල්ලුනා. ටේත් එයාගේ ප්‍රින්සස්ව වඩාගෙන kitchen එකට ආවා හිනාවෙවීම ...
💘:- අප්පා.. අප්පා තේහිට මොනාද ගෙනාවේ
🐯:- අයියෝ අප්පට අමතක උනානේ ප්‍රින්සස්ට මොකුත් ගේන්න
💘:- අප්පට තේහිව අමතක උනාද
ටේහි අඩන්න වගෙ මූණත් හදාගෙන අහද්දි නම් කොල්ලට පොඩ්ඩක් දුක හිතුනා. ඒ එයාගෙ ප්‍රින්සස් දුකින් ඉන්නවට පොඩ්ඩක් වත් ආස නෑ
🐯:- අප්පා මගෙ ප්‍රින්සස්ට චොකෝ ගෙනාවා
ටේ පොකට් එකේ තිබිලා chocolate එකක් අරන් ප්‍රින්සස්ට දෙද්දි කෙල්ල ගොඩක් සතුටෙන් ඒක අතට ගත්තේ. ටේ හරි ආසයි එයාගෙ පැටියා සතුටින් ඉන්නවා දකින්න. පොඩි දේකුත් ඇති ඉතින් ඒ පුංචි හිත සතුටු වෙන්න. ඇත්ත තමයි ආදරණීයම හදවත් තියෙන්නේ පුංචි ලමයින්ට...
🌼 :- ඔච්චර පැණිරස දෙන්න එපා ඔප්පා
🐯:- අනේ කාපුදෙන් ඩෝල් එයා... පොඩීනේ
🌼:- පොඩි හින්දා තමා කියන්නෙ
🍃:- ඉස්සර ඔයාගේ ඔම්මත් ඔය වගේම තමා පුතා. සෙමී තමා වැඩිපුරම chocolate ඉල්ලලා කරදර කරේ. ඉතින් මන් ගෙනල්ලා දෙනවා. ඔම්මා හැමදාම මට බනිනවා පැනිරහ ගේනවා කියලා
💦:- දත් නරක් උනාම තේරෙයි
🌻:- මගෙ දත් එහෙම නරක් වෙන්නෑ ඔම්මා
🐯:- උබ කොයි වෙලේද ආවේ
🌻:- හවස ඇයි
💦:- දෙන්නා පටන් ගත්තා ඉතින්