සලාං...
කැන්ටි එකට ආවෙත් අපරාදෙ කියලා හිතුනා. මං දිව ඇතුල් කම්මුලෙන් එලියට තෙරපන ගමන් බලාන් හිටියේ බිම වැටිච්ච මික්ස් රයිස් පිඟාන දිහායි... ඒකෙ තිබ්බ චිකන් හොදි මගෙ අත පුරාම හැලිලා ගලනවා.. එහෙම්මම මං බැලුවේ මට කකුල් මාට්ටුව දැම්ම පොන්නයා දිහා.. වෙන කවුද වටේටම දිදී යන එකානේ... වේසාවා..
" ඌප්ස් සොරි අනාව්.. මගෙ කකුල් දිග වැඩීනේ.."
මං අත එහෙම්මම හැසුව උගෙ ඇඟට බලන්න එපැයි කහ පාට ෂෝර්ට් බ්ලවුස් එකේම හොඳි බින්දු බින්දු.. මං මුකුත් නොකියා බිම වැටිච්ච වීදුරු පිඟානෙ කෑලි අහුලන්න ගත්තේ එතනිනුත් මගෙ පොකට් එකටමයි විදෙන්නෙ නිස... කාපු කෑමකුත් නැහැ එක්දාස් පන්සීයයි කෑම එකට පිඟානට පන්දාහක්වත් ගයි..
" ශික් මෑන් වට්ද.ෆක්... ආයූ මෑඩ්... මගෙ අලුත්ම ඇඳුම.."
මං කටත් ඇද කරන් පිඟාන් කෑලි ටික ඇහිඳිනකොට අරූ ඇවිත් මගෙ අතට පයින් ගැහුවේ
" ආහ්"
අතේ මහපට ඇඟිල්ලෙන් උඩු පුරුක පලලා වගේ වීදුරු කෑල්ලක් ඇතුලට බහිනකොට... ඒක ලොකු තුවාලයක් නොවුනත් රිදුනා..ඌ හිනා වෙවී ආපහු ගිහින් ඉඳගෙන චිකන් එක කන්න ගත්තේ මං දිහා බලාගෙන..මං එතනින් ගිහින් ඩස් බින් එකට පිඟාන් කෑලි ටික දාලා හැරෙනකොට දැක්කේ මගෙ ලේ ගලන අත දිහා බය වෙලා වගේ බලාන් ඉන්න යාලුවෝ සෙට් එකයි අරූ දිහා කේන්තියෙන් බලාන් ඉන්න ගෞතම්වයි..
කැන්ටින් එකේ මීක් සද්දයක් නැහැ .. ගෞතම්ගෙ පස්සෙන් ඇතුලට ආවේ ආදෙව් සර් වගේම රාහුල් සර් එක්කන් අරෝනුයි,රනෝලී, අනෝල් .. සිද්ධාර්ත් සර් මේ දවස් ටිකෙම මම දැක්කේ නැහැ ඩේලි කිව්වේ එංග්ලන්ඩ් ගියාලු ...
" කීයද ගාන.."
මම එයාල දිහා නොබලා කැෂියර් එකට ඇවිත් පිඟානට ගාන ඇහුවා..
" හයදාහයි දරුවෝ.."
එච්චරවටිනවද අර පිඟාන අහ්..ආ ආ හරි හරි මේකෙන් පේ කරන්න.."
විශ්වය පුරා විහිදී ගියා වීණාව් නාදේ තමා මීක් නැති කැන්ටීන් එකේ මගෙ කටහඬ සිසාරා ගියේ අර කැඩිච්ච පිඟානෙ ගාන අහපුවහම එක පිඟානක් එච්චර ගනන් වෙන්නෙ කොහොමද සාම්ත.. මං ලේ ගලන ඇඟිල්ල කටේ ගහන් කල්පනා කරන ගමන් වෝටර් කූලර් එක ඇරලා වැනිලා යෝගට් පානයක් අරන් ඒකත් දීලා සම්පූර්ණ ගාන ගෙව්වා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)