" උඹ මොකක්ද ඒ පාර කරේ!!"
කේත් කැන්ටින් එක දෙක වෙන්න කෑගහනකොට කට්ටිය හැරි හැරි බැලුවා..
" ඌ මට චැලේන්ජ් කරා මං භාරගත්තා.. කැමතිනම් වරෙන් බලන්න අද දවල් දෙකට වලේදි.."
මං ගානක් නැතුව කියනකොට ෆින් දඩස් ගාල පුටුවෙන් ඉඳගත්තා..
" උගෙ පාට්නර්ස්ලා දෙන්න දැන්ට කැම්පස් එකේ ඉන්න දක්ෂම හිපොප් ඩාන්සර්ස්ලා දෙන්න සෘතූ.. උඹ කාවද තෝරගන්නේ.."
" මංද මං තනියම..."
උන් තුන් දෙනාම මට බයින්න ගත්තත් මං නම් ඇහුනේ නැහැ වගේ ඉන්නකොටම වගේ කැන්ටින් එකට ආවෙ අරාෂ් එක්කන් ඩැනියල් සර්... ඔක්කොම මීක් නැහැ .. ඒ පස්සෙන්ම ෆැමිලි එකේ අනිත් අයත් ආවා උදේට කන්න වෙන්න ඕනේ.. රාහුල් සර්නම් සුදුමැලි වෙලා..සිද්ධාර්ත් වගේම ගෞතම් දෙන්නා ආවෙ මං දිහා බලාගෙන වෙනකොට මං අහක බලාගත්තේ අවානෙන් වේගෙන් වෙගෙන් පවන් ගහන ගමන් ඒ බැලමවල් මාව අවුලවනවා යකෝ.. කේත් මට කුටු කුටු ගගා බැන බැන හිටියා..
" අනී අනාරා ආන්ටීඊඊඊඉ ගුඩ් මෝනින් අනීඊඊඊ"
මට වෝමිට් වගේ .. මං වමනෙ යන්න වගේ කේත් ට පෙන්නනකොට ඌ මට රැව්වා මං කරේ අරූට ඇද කරපු එක නිසා.. මං මගෙ එහා පැත්තේ හිටිය ඩේලිගෙ පුටුවට අතක් දාන් වම් කකුල නවාම් අනිත් කකුල උඩින් දාගත්තේ මහ මැර පෙනුමට.. කොන්ඩේ ලාවට ගොතලා තිබ්බ නිසා ඒක ලිහෙන්න ඔන්න මෙන්න තිබ්බේ..
" ඔය බට්න්ස් ටික් දාගන්න චූටි !!"
මගෙ හිත ඇතුලෙන් ආපහු ගෞතම් කටහඬ ඇහිලා නැති වෙලා ගිය නිසා මං ඇස් කොනෙන් ඌ දිහා බලලා කට කොනෙන් ඌ දිහාට හිනාවක් දීලා හෑන්ඩ්ෆ්රී දෙක කනෙ ගහන් පෙන් එකත් ෆෝන් එකට දාගෙන සිංදු තෝරන්න ගත්තේ ගෞතම්ගෙ කීම කනකටවත් ගන්නෙ නැතුව.. මොකද මට හරි නැහැ වගේ එයා කියන දේ කරන්න අප්පා. මදි කමක් නෙවෙයි ගෞතම්ව අවුස්සලා ගන්න ආතල් එක හරකෙක් කුලප්පු කරලවත් ගන්න බැරි නිසා..
" ඔන්න ආන්ටි අංකල් ඔයාල ඔක්කොම එන්න ඕනේ දවල් දෙකට වලට හරිද?"
ඒක ඇහෙනවත් එක්කම මං ඇස් කොනෙන් ඒ පැත්ත බැලුවා.. ආදෙව්, රාහුල්ට කවන එකත් පැත්තකින් තියලා ඌ දිහා බැලුවේ රහුල් රැව්ව නිසා.. ආරෝහු , අනෝල් දෙන්නත් ඌ දිහා බැලුවා...අරාෂ් , ඩැනියල් සර්, අනාරා මැඩම් ඔක්කොම ඒකි දිහා බැලුවා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)