DARK SOUL

222 16 16
                                    

~ DARK SOUL ~

| intro |

"අනේ... අර බලන්නකෝ කවුද කියල..."

"ඒ ආශි නේද... එයාගෙ ලස්සන..."

"හම්මෝ මම කවදාවත් හිතුවෙ නෑ එයාව ඇත්තටම මෙහෙම දකින්න පුළුවන් වෙයි කියල..."

ගොඩක් කාලෙකට පස්සේ කොලඹින් ඈත් වෙලා ආශි නුවර ආවේ අලුත් music program එකක වැඩකට. ඒ එන ගමනෙදි ටිකක් රිලැක්ස් වෙන්න හිතන් තමන්ගේ කාර් එක නුවරට ලග පන්සලක් ලග නතර කරල එලියට බැස්සම ස්කූල් ඉවර වෙලා යන පොඩි girlsලා ටිකක් තමන්ව දැකලා කියවන දේවල් ආශිට ඇහුන නිසා එයාගෙ මූණට පුංචි හිනාවක් ආවා.

ආශි පන්සල ඇතුලට ඇවිදගෙන ගියේ නතර කරපු එකේ ගිහින් එන්නම් කියල හිතල. ඒත් පන්සල් යනකොට ගේන්න ඕන දේවල් එයාගෙ අතේ තිබුනෙත් නැති එකේ ආශි කරේ පන්සලේ බැම්මට හේත්තු වෙලා ටිකක් වෙලා බලන් හිටපු එක. වැඩිය කට්ටියත් හිටියේ නැති පන්සලේ තිබුණේ නිදහස් පරිසරයක්.

"Excuse mee... ඔයාට මල් ඕනද.."

බලාපොරොත්තු නොවුන විදියට ලොකු කල්පනාවක හිටිය ආශි කල්පනාවෙන් මිදුනේ කවුද ඒ කතා කරේ බලන්න. සුදුපාට ගවුමක් ඇදගත්ත පුංචි ගෑනු ලමයෙක් හිනාවෙවී නෙළුම් මල් ටිකකුයි, පිච්ච මල් වට්ටියකුයි අතේ තියන් බලන් හිටියේ ආශි දිහා.

"ආ ගන්න..." කියල එයා ආශිට දුන්නේ නෙළුම් මල් ටිකක්.

"Thank you... ඒත් ඔයා මොකුත් හිතන්නෙ නැත්තම් මට නෙළුම් මල් නැතුව පිච්ච මල් දෙන්න පුළුවන්ද..."

"ආ... කමක් නෑ.. ගන්න.. ඔයා කැමති පිච්ච මල් වලටද..."

"ඔව්..."

පිච්ච මල් ගැන කියද්දි මොකක්දෝ නොදන්න හැගීමකින් ආශිගේ ඇස් පිරිලා යනව කියල ඒ මල් දුන්න ගෑනු ලමයට හිතුණා. එක අතකින් පිච්ච මල් අතේ තියන් අනිත් අතින් ෆෝන් එක අල්ලන් ඉන්න ආශිගේ ෆෝන් එකේ lock screen එක දැකපු ඒ ගෑනු ලමයා තමන් දිහා බලල ලස්සනට හිනා උනේ එයාගේ ආදරෙත් තමන්ගේ වගේම එකක් නිසා කියල තේරුම් ගන්න ආශිට වැඩි වෙලා ගියේ නැත්තේ තමන් එක්ක කතා කරනව ඊට ටිකක් එහායින් ඉදල බලන් ඉදන් ඊරිසියාවෙන් මූණ පුරවන් ඉන්නේ ඒ ගෑණු ලමයගේ ආදරණී‍ය පාට්නර්ම තමයි කියල පෙනුන නිසා.

DARK SOUL Where stories live. Discover now