[ මගේ අලුත් කතාවත් එක්කත් ඔයාලා ආදරෙන් එකතු වෙයි කියල මම හිතනවා. මේ කතාවෙ intro එක දීලා ටිකක් දවස් නිසා අමතක අය කියවලා එන්න හොදද ]DARK SOUL
පාසල අවසන් වෙලත් පැය භාගයක් ගතවෙලා, සාරි පොටත් අල්ලගෙන මේ ඇනෙක්ස් එකට එන්න ඉක්මන් ගමනින් පාසලෙන් එලියට එන්නේ අවුරෝරා, එයාව හොදටම දන්න අයගේ 'ආරු'
"හම්මෝ බඩගිනී.. ඉක්මනට ගෙදර යන්න ඕන"
පරක්කු වෙලා නැගිටලා උදේට කන්නෙවත් නැතුව ඉස්කෝලෙට 7 වෙනකොට එන ආරු ගෙදර ගිහින් දවල්ට තමයි හරියට කෑමක් ගන්නෙ. කන්න නැතුව නෙමෙයි, උදේ නැගිටලා උයන්න තියෙන කම්මැලිකම නිසා. ආරුගෙ යාලුවා මිහිලි එක්ක එකම ඇනෙක්ස් එකක ඇය ජීවත් උනේ. උදේ 6.30ට යන නිසා ආරු තමයි කන්නෙවත් නැතුව ඉස්කෝලෙ ගියේ. ඒ ප්‍රශ්නේ මිහිලිට නම් තිබුනේ නෑ.
පාසලේ ගේට්ටුවෙන් එලියට එන්න කලින් ඈත තියාම ආරු දැක්කේ හුරුපුරුදු වාහනයක්. වාහනේ දැකපු ගමන් ආව සතුටට ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙලා වගේ දුවගෙන ගේට්ටුවෙන් එලියට ඇවිත් පාර පනින්න හදපු ආරුට තමන්ගෙ අතින් එන්න එපා කියල කිව්ව ඒ කෙනා කරේ කාර් එකෙන් බැහැල පාර පැනලා ඇගේ ලගට ආව එක.
"සුදු නෝනා.. මම කියල තියෙනව කලිනුත්, දැකපු ගමන් ඔහේ දුවගෙන එන්න හදන්න එපා කියල.."
"ඉතින් අනේ සති දෙකකට පස්සෙනෙ අප්පා.."
"මාස දෙකකින් ආවත් එපා, මම ලගට එනකම් සිහියක් නැතුව පාර පනින්න හැදුවොත් බලාගන්නම් මම...."
"ඇයි මොකද කරන්නෙ.."
"ආරු මේ... ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනෙ දැන්, එනව යන්න"
ආරුට මේ තර්ජනේ කරලා පාර පැනලා කාර් එකට එක්කන් යන්නෙ වෙන කවුරුත් නෙමේ, එයාගෙ ආදරේ.. 'යේශ්' එහෙමත් නැත්තම් හැමෝම දන්න ආශි. යේශ් කියන්නේ ආරු විසින්ම ආශිට දුන්න නම. ඒ නමින් එයාට කතා කරේ ආරු විතරයි.
"මොකද දැන් මූන නිකම් කෝච්චියට අහු උන සත පහ වගේ කරන් ඉන්නෙ..?"
"මොකුත් නෑ.."
"නෑ නෙමෙයි, කියන්න.."
"මන් තරහයි, කතා කරන්න එපා මාත් එක්ක.."
YOU ARE READING
DARK SOUL
Romanceආදරණීය රැවටීමක, වේදනාකාරී මතකය.. come, fall in love with my dark soul.... 🎼