11 🎼

93 10 71
                                    

ආශි දුන්න ආදරේ හැටියට ආශිට තමන් නැතුව ඉන්න බෑ කියල ලොකු විශ්වාසෙකුත් ආරුගෙ හිතේ තිබුණ නිසා ආශි ඇත්තටම තමන්ව දාලා යයි කියල ඇය හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒකමයි අර විදිහට දවස් තුනක් බලනවා කියල දෙයක් ඇගේ හිතට ආවෙ.

_______________________________________dark_soul__

දවස් තුනක් ගතවුනේ ආරුගෙන් ආශිටවත්, ආශිගෙන් ආරුටවත් කිසිම කෝල් එකක් මැසේජ් එකක් නැතුව. ආරු එක්ක සම්බන්දෙ නතර කරලා දැම්මත් ආශිගෙ හිතෙත් පුංචි බලාපොරොත්තුවක් තිබුනා ආරු තමන්ට ඇත්තටම ආදරෙයි නම් එකම එක කෝල් එකක්වත් ගනී කියල. ඒත් ආශි හිතුව දේ මේ දවස් තුන ගියත් උනේ නෑ. ඒ නිසාම ආශි හිටියෙ ආරු ගැන ඇති උන කලකිරීමෙන්. ශාරධා වගේ කරපු රගපෑම වගේම ආරු තමන්ට ආදරෙයි කියලත් රගපෑවද කියන සැකේ මේ වෙනකොට ආශිගෙ හිත පුරාම පැතිරිලා තිබුණා.

"බෙහෙත් දාලා ඉවරයි.. ඔච්චර කල්පනා කරන්න එපා ලොකූ.. ඔයාට අපි ඉන්නවනෙ.."

ආශිගෙ තුවාල උනු අතට බෙහෙත් දාලා ඉවර කරපු ඔලී කිව්වේ ඔහේ කල්පනා කරන ආශි දිහා බලන ගමන්. සම්බන්දේ නතර කරලා ආපු දවසෙම මහ රෑ නින්දෙන් ඇහැරපු ආශි ආරුට ගහපු නිසා තමන් ගැනම දැනුන තරහට වගේම දුකට වීදුරු මේසෙකට ගහපු නිසා ආශිගෙ අත තුවාල උනා. දැනට යම් තරමක් හොද උනත් ඒකට තමයි ඔලී බෙහෙත් දැම්මේ.

මේ දවස් ටිකම දැහැමි, අශ්වින් වගේම ආශිගෙ පුංචි සහෝදරයො ටික ආශිගෙ ලගින්ම හිටියේ එයාලගෙ ලොකූ අවුලෙන් ඉන්න එකෙන් ටිකක් හරි ඈත් කරන්න හිතාගෙන. කවුරු හිටියත් ආශිට ආරු නැති අඩුව ඕනවටත් වඩා දැනුනත් මේ දවස් තුන එකම එක දෙයක් නොවෙනස්ව සිද්ද උනා. හැමදාම රෑ 12ට ආශිට ආරුගෙ පුරුදු මැසේජ් එක ආවා. එහෙම ආවත් ආශි දැනගෙන හිටියා ඒක timing නිසා එන මැසේජ් එකක් කියල.

බෙහෙත් දාගෙන ඔලී එක්කම ආශි මියුසික් රූම් එක පැත්තට එනකොටම සාවි ආවේ ආශිගෙ ෆෝන් එකත් අරගෙනමයි.

"ලොකූ.. ඔයාට කෝල් එකක්.."

සාවිගෙ අතින් ෆෝන් එක ගන්නකොට කෝල් එක සටහන් වෙලා තිබුනෙ ආශි බලාපොරොත්තු උන කෙනාගෙන්. ආශිගෙ හිතට මේකෙන් කොහෙදෝ නැති අමුතු සතුටක් ආවේ තාමත් හිතේ ආරු වෙනුවෙන් තියෙන නොවෙනස් ආදරේ නිසා. ඒත් කෝල් එක ආන්සර් කරනවත් එක්කම ඒ සතුට තප්පර ගානකට සීමා උනේ ආරු කතා කරපු විදිහ නිසා.

DARK SOUL Where stories live. Discover now