15 🎼

93 10 42
                                    

"අනේ බලන්නකෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා... මේ අපේ ආ.. අයියෝ.. නෑ නෑ ශාරධා අක්කා ඇවිල්ලා.."

දොරට එලියෙ ඉන්න ආරුගෙ මූණ දිහාම බලාගෙන දොරත් අල්ලන් ඉන්න ගමන් නුරාග් ආශිට කතා කරේ ඔහුගෙ පලවෙනි වාග් ප්‍රහාරයෙන්ම ආරුට සැර හින්ට් එකක් පාස් කරන ගමන්.

නුරාග් කියන දේත් අහගෙනම එතනට ආව ආශි වගේම ඔලී දැක්කා ආරු දොර ලගට වෙලා නුරාග් දිහා බලන් ඉන්න විදිහ.

"ඇයි ආවෙ.. මෙහෙදිත් රණ්ඩු කරගන්නද ඕන..?"

ඇතුලට එන්නවත් ආරාධනාවක් නොකරම දොරට එලියෙන් හිටගෙන ඉන්න ආරුගෙන් ආශි ඇහුවේ අත්දෙකත් බැදගන්න ගමන්.

"රණ්ඩු..? මෙයා රණ්ඩු වෙන්නත් දන්නවද බන්.. ශාරධා අහිංසකයි කියල මම නම් හිතුවෙ.."

කිව්ව දේට ආරුගෙන් උත්තරයක් නාවත් නුරාග් නම් චාන්ස් එක ආව ගමන්ම ආරුට වචන වලින් පහරදෙන්න පටන් ගත්තා කියන දේ ආශිට වගේම ඔලීටත් හොදට තේරුණා.

"මට ඔයා එක්ක කතා කරන්න ඕන යේශ්.."

තමන් ආව එකට ලැබෙන ප්‍රතිචාරේ හොද එකක් නොවුනත් ආරු හිතට හයිය අරන් ආශිට කතා කරේ දවස් ගානක උත්සහයක් නිකන්ම අපතේ යනවටත් වඩා මේ වෙනකොට ආශි නැතුව ආරුගේ ජීවිතෙන් බාගයක්ම අනිත් පැත්ත හැරිලා නිසා. ඇය ලෝකෙ වැඩියෙන්ම බය උන දේ ටිකෙන් ටික වෙනවා කියන දේ හරියටම ඇගේ හිතට ටික ටික දැනෙන්න පටන් ගන්නේ දැන්. ඒ වගේ දෙයක් ගැන හීනෙකින්වත් හිතන්න පුලුවන්කමක් ආරුට තිබුණේ නෑ.

"අක්කෙ.. ඇතුලට එන්නකො.."

ආරු කරපු දේ ගැන කලකිරීමක් හිතේ තිබුණත් ඔලී ආරුට ඇතුලට එන්න කිව්වා. ඔලී කිව්ව නිසා ආරු හිමින් හිමින් ඇතුලට ආවේ ආශි වගේම නුරාග් දිහාටත් ඇස් යවන ගමන්.

"ඉදගන්න.."

නුරාග්, ආශි දෙන්නම කිසිම කතාවක් නැතුව මේ දිහා බලන් ඉන්න නිසාම ඔලීම ආයමත් ආරුට ඉදගන්නත් කිව්වා. විනාඩි කීපයක්ම එකිනෙකාගෙ මූණවල් බලන් ඉන්නවා ඇරුණම කිසිම කෙනෙක් කතාවක් පටන් ගත්තෙ නෑ.

"කියන්න තියෙන දෙයක් කියල යනවද අවුරෝරා.."

බලන් ඉදලා බැරිම තැන ආශිම කතාව පටන් ගත්තේ වෙලා යන නිසා.

DARK SOUL Where stories live. Discover now