සිංදුව කියල ඉවර කරලා ඒ වොයිස් රෙකෝඩ් එක ශාරධා නමින් තිබුණ නම්බර් එකට සෙන්ඩ් කරපු ආශි ඒ නම්බර් එක වගේම ආරුගේ නම්බර් එකත් බ්ලොක් කරලා දැම්මේ තමන්ගෙ ආදර කතාවේ වේදනාකාරී මතකයන් හිතින් මකල දාන්න හිතාගෙන.
_______________________________________dark_soul__
දැහැමි ඇවිත් ගිය දවසෙන් පස්සේ වෙනදට කටට නිදහසක් නොදී කියවන ආරු හරියට මිහිලිටවත් කතා කරේ නෑ. වැඩියෙන්ම කරේ කාමරේ බිම ඉදගෙන ඔහේ කල්පනා කරමු එක. ෆෝන් එක දිහාවත් ඇය බැලුවෙ නෑ. බලහත්කාරෙන් මිහිලි කියවලාම කෑම කන්න දුන්නත් ඒකවත් හරියට කන්නෙ නැතුව ආරු කල්පනා කරන එකම විතරක් කරා. කල්පනා කරලා ඔලුව රිදෙන වෙලාවටත් අනර්ඝ දුන්න බෙහෙත් බීලා ඒ වේදනාව මකාගත්ත ආරු වෙන කිසිම දෙයක් කරේ නෑ.
නිවාඩු කාලෙ ඉවර වෙලා පාසල් ආයම පටන් ගත්ත නිසා ආරුට ඇගේ කල්පනා ලොවෙන් මිදෙන්න සිද්ද උනේ අනිවාරෙන්ම පාසල් යන්නත් ඕන නිසා. තමන්ගෙ හිත පාලනේ කරගෙන ඇය අද පාසල් ගිහින් උපරිම සාමාන්‍ය විදිහට හැසිරුණා. මේ වෙනකොට පහුගිය දවස් වල උන හැමදේම දැනගෙන හිටිය තිනූ ආරුට අවුලක් පේන්නෙ නැතුව ඉන්න උදව් කරේ අඩුම පාසල් වෙලාවෙ ඉගැන්වීම් වැඩ හරියට කරන්න ඕන නිසා. පෞද්ගලික ජීවිතේ මොන ප්‍රශ්න උනත් ගුරුවරියක් විදිහට ආරුට තමන්ගෙන් ඉගෙනගන්න දරුවො ගැන වගකීමක් තිබුණා.
පාසල අවසන් වෙලා ගේට්ටුව පැත්තට ඇවිදගෙන ආව ආරුට මතක් උනේ සමහර දවසට තමන් එනකන් ගේට් එක ලග ආශි බලන් හිටිය විදිහ. ඒ ගැනත් හිත හිත කල්පනා කරමින් එලියට එනකොට ආරුගෙ ලගින් ඇවිත් නතර කරේ තිනූගෙ වාහනේ.
"ආරු.. මම එනකම් ඉන්න කිව්වා නේද... ඇයි ආවෙ කලින්.."
ආරු ඉන්නෙ හොදින් නෙමෙයි කියල දන්න තිනූ ආරුට තමන් එක්ක යන්න ඉන්න කිව්වේ ඇනෙක්ස් එකට ගිහින් දාන්නම් කියල හිතලා.
"අමතක උනා මට.."
"හරි කමක් නෑ.. නගින්න වාහනේට..."
බැහැල ඇවිත් ආරුට කාර් එකේ දොරත් ඇරල දෙන ගමන් තිනූ කිව්වම ආරු කාර් එකට නැග්ගේ මලානික විදිහට හිනාවෙලා.
YOU ARE READING
DARK SOUL
Romanceආදරණීය රැවටීමක, වේදනාකාරී මතකය.. come, fall in love with my dark soul.... 🎼