"ඩාන්ස් ෆ්ලෝ එකට යන්න.. එයාට කන්ට්‍රෝල් නැති වෙලා එයාම ස්ටාර්ට් එක ගන්නකම් අල්ලන් ඉන්න කොහොම හරි.."
"Okey.."
ආරුව අල්ලන් ඉන්න තරුණයට එහෙම කිව්ව හෂී වගේම අනිත් තරුණියත් ඩාන්ස් ෆ්ලෝ එක හොදටම පේන තැනකට ගිහින් ඉදගෙන ෆෝන් එකේ කැමරාස් ඔන් කරේ අයේශ් මත්වෙලා හරිහමන් සිහියක් නැතුව ඉන්න ආරුවත් අරගෙන ඩාන්ස් ෆ්ලෝ එකට යද්දි.
_______________________________________dark_soul__
"ඔව් රයන්.. කියන්න..."
ආශිට කතා කරේ ආශි නිතරම යන එන ස්ටුඩියෝ එක අයිති කෙනාගෙ මල්ලි.
"බිසීද බන්.. දෙයක් කියන්න කතා කරේ..."
ආශි මේ වෙනකොටත් හිටියේ ආරුව හොයන ගමන්. අශ්වින්ලත් ට්‍රිප් එකක් ගිහින් නිසා ආශි දැහැමිවත් එක්කන් එපාර්ට්මන්ට් එකට ආවා. ආරු පේන්න නැති නිසා ආශි සිකියුරිටි ගාර්ඩ්ලගෙන් පවා ඇහුවා ඇයව දැක්කද කියල. ඒත් ඇය මේ පැත්තටවත් ඇවිත් නෑ කියල තමයි අන්තිමේට ආශිට වගේම දැහැමිටත් තේරුම් ගියේ. ඒ නිසා හොයන්නෙ කොහෙද කියල අරමුණක් නැතුවම ආශියි දැහැමියි ආරුගෙ ඇනෙක්ස් එක පැත්තට යද්දි රයන්ගෙන් කෝල් එක ආවෙ.
"පොඩි ගමනක් යන ගමන් ඉන්නෙ.. මොකක්ද සීන් එක..?"
ආශි ඩ්‍රයිව් කරන ගමන්මයි රයන්ට කතා කරේ. ඒත් ඔහු කිව්ව දේ නිසා ආශිට නිකන්ම බ්‍රේක් වැදුනා.
"මොකක්...?"
"ඔව් බන්.. ඔයත් මෙතන ඉන්නවද බලල පේන්න නැති නිසා කෝල් කරේ, ඒත් මම ගිහින් කතා කරේවත් නෑ හරියටම කන්ෆෝම් නැති නිසා.. හැබැයි මේ ඉන්නෙ නම් අවුරෝරා තමයි ආශි..."
රයන් කතා කරල කිව්වේ ආරු ඉන්න තැන. ඔහු දැකල තිබුණේ ආරු තවත් ගෑණු ලමයි දෙන්නෙක් එක්ක ඩ්‍රින්ක්ස් ගන්න විදිහ. ආශිගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආරු බව දන්න ඔහු නිකමට ආශිට කතා කරේ මෙතන ආශි පේන්න නැති නිසා.
"මොන ක්ලබ් එකේද ඉන්නෙ.."
"Butterfly land එකේ.."
"හරි විනාඩි 15න් මම ඔතන, ඇහැ ගහගෙන හිටපන් මම ක්ෂණිකව එනවා.."
YOU ARE READING
DARK SOUL
Romanceආදරණීය රැවටීමක, වේදනාකාරී මතකය.. come, fall in love with my dark soul.... 🎼