05 🎼

116 11 73
                                    

ආරුට එයාගෙ ඉස්කෝලෙ සර් කෙනෙක්ගේ wedding එකකට ලැබුන ආරාධනාවක් නිසා මිහී එක්ක ඒකට සාරියක් ගන්න යන්න ප්ලෑන් කරගෙන හිටියේ වෙඩින්ග් එකට දවස් තිබුනත් කලින්ම අරන් තියාගත්තම ලේසි නිසා. ඒත් එක්කම පුංචි කාලෙ ඉදල හැදුන පල්ලියටත් යමු කියල ආරු මිහීට කිව්වේ ගොඩක් කාලෙකින් ඒ පැත්තෙ ගියේ නැති නිසා සිස්ටර්වයි ලමා නිවාසෙ පොඩි සෙට් එකවයි බලලම එන්න හිතන්.

"ජැස්මින් අක්කේ.... අනේ ඔයා ගොඩක් කාලෙකින්...."

ආරුව දැකපු ගමන් ලමා නිවාසෙ හිටිය අවුරුදු 8ක් වයස හේසල් දුවගෙන ආවේ සතුටට. නිවාඩු නිසා ඉස්කෝලෙ යන වයසෙ පොඩි අයත් මේ දවස්වල උදේ වරුවෙ පල්ලියෙ හිටියා. ආරු මිහී එක්ක සාරියක් ගන්න යන්න කලින් පල්ලියට යන්න හිතුවේ සාරිය ගන්න ගියා නම් හවස් වෙනකම් ඒක තෝරනවා මිසක් පල්ලියට එන්න වෙන්නෙ නැති නිසා.

"කලින් දවස් වල මම බිසී උනානෙ පැටියෝ.. ඒකයි ඉස්කෝලෙ නිවාඩු දුන්න ගමන්ම බලන්න ආවේ..."

දුවගෙන ආව හේසල්ව වඩාගන්න ආරු දෙපාරක් හිතුවෙ නෑ. ආරු ලමා නිවාසෙ ඉන්න කාලෙ මෙයා තමයි හිටපු පුංචිම කෙනා. ආරුට මතකයි එයාව ගෙනාව මුල් කාලෙ ඉදලම ඉස්කෝලෙ ඇරිල ඇවිත් මේ බබාව බලාගත්ත විදිහ. ජීවිතේ පලවෙනි වතාවට ආරුට අවුරුදු 17න්ම ආරු පුංචි හේසල්ට එක්තරා විදිහකට අම්මෙක් උනා. ඇය ලමා නිවාසෙන් අයින් වෙලා යන දවසේ හොදටම අඩපු අවුරුදු දෙකේ පුංචි ගෑණු ලමයා දැන් ටිකක් ලොකු වෙලා. හැබැයි කොච්චර කාලෙ ගත උනත් මේ දෙන්නගෙ බැදීමෙ, ආදරේ වෙනසක් වෙලා තිබුනේ නෑ.

 හැබැයි කොච්චර කාලෙ ගත උනත් මේ දෙන්නගෙ බැදීමෙ, ආදරේ වෙනසක් වෙලා තිබුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හේසල්
Hazel

"හේසල්.. කෝ අනිත් අය, සිස්ටර් එහෙම..."

DARK SOUL Where stories live. Discover now