06 🎼

101 10 56
                                    

අවුරෝරාගේ හඩ ආශිගේ කන ගාවින් ඇහුනේ පුදුම තරම් සරාගී විදිහට. ඒ හඩත් එක්ක මෙච්චර වෙලා අවුරෝරාගෙ ඇස් වලට වශී වෙලා ඇයට ඉඩදීලා හිටිය ආශි නැවතත් තමන්ගෙ රටාවට ආවම හෝරා දෙක තුනක් ඇතුලේ අසීමාන්තිකව ඔවුන්ගෙම ලෝකෙ ඇතුලෙ ගිනි ගනිමින් තියෙම හැගීම් වලට නිදහස් වෙන්න ඉඩ ලැබුනේ ආශිගෙ විතරක් නොව ආරුගේ ගත පුරාවටමත් සලකුණු උන රටාවන් මතුකරලා.

_______________________________________dark_soul__

මිහිලි ආයම ඇනෙක්ස් එකට ආවටත් පස්සෙ තමයි ආශි ගෙදර ආවෙ. ටිකක් රෙස්ට් කරලා මියුසික් room එක පැත්තට යනකොට ආශිට ඇහුනේ අශ්වින්ගේ කටහඩ.

ආදර මල් වල පාට කියන්නද..
ඒ වගෙ ලස්සන තව නෑ....
ඒ වගෙ ලස්සන තව නෑ....

මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා....
සමනල් සිහිනය පිපුනා....

ආශි කාමරේට ඇතුල් උනේම සිංදුවේ ඊලග කොටස කියන ගමන්.

දේදුනු රේඛා දෑසම තවරා..
තවමත් මල් සිත.. බලා සිටිනවා....

මීදුම් තවරා සුළඟක, ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා....
අඳුර මැදින් එන්න සඳලියේ....

දේදුනු සායම දෑසම බොඳ කල
මාලති යායක හැලිලා..
මාලති යායක හැලිලා....

සීතල හිමකඳු යායක පියමැන,
දෙව්ලිය සිහිනෙක වැඩියා..
දෙව්ලිය සිහිනෙක වැඩියා....

ඔලීගෙ ගිටාර් නාදයත් එක්ක මේ විදිහට අශ්වින්ගෙත්, ආශිගෙත් හඩවල් පුදුම තරම් ලස්සනට මියුසික් රූම් එක පුරාම පැතිරුණේ සාවිත් කිසිම දෙයක් නොකියා ඇස් පියාගෙන ඒ හැගීම විදගනිද්දි. ආශි, අශ්වින් කියන්නේ මාරම ගැලපීමක් තියන කටහඩවල් තියෙන අක්කෙකුයි මල්ලියෙකුයි කියල මේක අහගෙන ඉන්න ඕන කෙනෙක්ට හිතෙන එක නම් අනිවාරෙන්ම වෙන දෙයක්.

"ඒක නෙමෙයි ලොකූ.. කවුද ඔයාව කෑවෙ..."

සිංදුව ඉවර වෙනවත් එක්කම ගිටාර් එක පැත්තකින් තියන ගමන් ඔලී ආශිගෙ මූණටම ඇහුවා.

"ඇයි ඔලී මොකක්ද..."

අහන්නෙ මොකක්ද කියල දන්නව උනත් ආශි බොරුවට බබා වගේ ඇයි ඇහුවෙ ශර්ට් එකේ කොලර් එක ලග පේන මාර්ක් එක වහගන්න කිසිම වැඩකට නැති උත්සහයක් ගන්න ගමන්.

DARK SOUL Where stories live. Discover now