ආරුගෙ අතින් අල්ලගෙන ජීවිතේ ඉස්සරහට යන්න අහිංසක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ආශි ආරුගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කිව්වේ මුලු හදවතින්මයි.
_______________________________________dark_soul__
ඉස්කෝලෙ නිවාඩුත් නිසා මිහිලිටත් නිවාඩු දවස් දෙකක මිහිලි එක්ක ආරු ඇගේ ගෙදර ගියා. මිහිලිගෙ අම්මයි තාත්තයි කියන්නේ ආරුට මේ ලෝකෙ මුලින්ම අම්මෙක්ගෙ තාත්තෙක්ගේ ආදරේ වගේම අඩුව පුරවපු දෙන්නා. ආරුව දන්න කාලෙ ඉදලම මිහිලිගෙ දෙමාපියෝ ආරුටත් තමන්ගෙම දරුවෙක්ට වගේ සැලකුවා.
"කෝ... දෙන්නම එන්න ලමයි, කෑම ලෑස්තියි..."
මිහිලිගෙ අම්මා දෙතුන් පාරක් කෑම කන්න කතා කරත් සද්දයක් නැති නිසා දෙන්නා කෝ බලන්න එලියට ආවත් ඇය දැක්කෙ නෑ ඒ දෙන්නා කොහෙද කියල.
"හූ හූ... අම්මේ.. අපි මෙහේ...."
"ආ... සේනාධීර නෝනා.. පේර ඕනතේ...."
ආරුයි මිහිලියි දෙන්න කෑ ගහන සද්දෙට පේර ගහ දිහා බැලුවම ඇය දැක්කේ දෙන්නම මිදුලෙ පේර ගහේ මුදුනෙම ඉන්න විදිහ.
"යකෝ මේ කෙල්ලො දෙන්නා.. බඩගිනී කියල කියෙව්වට අනේ පව්නෙ කාලෙකින් ආවෙ කියල මම මෙහේ උයල කවන්න හොයනකොට මෙයාලා ගස් උඩ.. බහින්නයි කිව්වෙ දෙන්නටම.. "
උඩ ඉන්න දෙන්නටම ඇය බැන්නේ ඉදල ඉදල ගෙදර ආවමත් මේ ලමයින්ට බැනුමක් අහන්නෙ නැතුව ඉන්නම බෑනෙ කියල හිතන ගමන්.
කුටු කුටු ගගා මොනවද කියවන ගමන් අමාරුවෙන් ගහෙන් හිමීට බහින මේ දෙන්නා දිහා මිහිලිගෙ අම්මා බලන් හිටියේ මූණට එන හිනාව අමාරුවෙන් පාලනේ කරගෙන බොරු තරහක් මවාගන්න ගමන්.
"අනේ අම්මෙ ගහන්න නම් එපා ඈ..."
මිහිලිගෙ අම්මා මුලින් ගහෙන් බැස්ස ආරුගෙ අතින් අල්ලගත්තම ඇය කෑගැහුවේ ගුටියක් කන්න වෙයි කියල.
"හැබැයි අම්මෙ ගහනවනම් මම බහින්නෙ නෑ ගහේම ඉන්නවා..."
ඒ අස්සෙ ගහේ පහලම අත්තක ඉදගෙන මිහිලිත් කියවනවා. කොහොමත් හැම අතින්ම මිහිලිගෙ අම්මා දෙන්නටම අම්මෙක්. ආදරේ කරනවා වගේම ඉස්සර ඉදලම දෙන්නගෙ හිතුවක්කාර වැඩ වලට මේ දෙන්නම ගුටිත් කනවා. මිහිලිගෙ තාත්තා තමයි බේරගන්නේ.
YOU ARE READING
DARK SOUL
Romanceආදරණීය රැවටීමක, වේදනාකාරී මතකය.. come, fall in love with my dark soul.... 🎼