03 🎼

96 9 47
                                    

කලබලෙන් එහෙ මෙහෙ දුවන ආරුව දැකලා මිහිලිටත් හිනා ගියේ ආශි නිසා මේ කෙල්ලට තියෙන පිස්සුවක් කියල හිතලා. මොන තරම් පිස්සු වැඩ කරත් ආරු එයාගෙ ආදරේ නිසා කොච්චර සතුටින් ඉන්නවද කියල දැකපු මිහිලි කවදාවත් ආරුට දුකක් දැනෙන්න එපා කියල ප්‍රාර්තනා කරේ හදවතින්මයි.

"මිහී.. බලන්න.. මේ මේක.. මේ කෙල්ලක් දැන් ලයිව් එකේ පුදුම විදිහට කමෙන්ට් කරන්නේ අනේහ් ආශි කිය කිය... ඇත්තටම ඇයි බන් මගේ යේශ්ටම මේ කෙල්ලො ලයින් දාන්න එන්නෙ.. අහු උනොත් නම් ගහනවා ඉස්සරහ දත් දෙක විතරක් ගැලවෙන්න..."

ඇනෙක්ස් එකේ ටීවී එකක් නැති නිසා ආරු යූටියුබ් එකෙන් තමයි ආශිගෙ ලයිව් ශෝ එක බලන්නෙ. ඒකෙ ආශි සිංදු කියනකොට ආරු කරන වැඩේ තමයි එන කමෙන්ට් බල බලා ඒවා දාන ගෑනු ලමයින්ට බනින එක.

"උඹටත් ඉතින් වෙන වැඩක් නෑනෙ ඕක බල බල බනිනව ඇරෙන්න..."

"යේශ් මගෙනෙ.."

"ඉතින් යේශ් උඹේ කියල ඒ මිනිස්සු දන්නෙ නෑනෙ බන්, කමෙන්ට් දානව ඇති.. උඹත් කසාද බැදලා ලමයිනුත් ඉන්නවා කියල හිතන්නෙ නැතුව jensan ackles දිහා කට ඇරගෙන බලන් ඉන්නෙ.. උඹට වඩා අවුරුදු 20ක් වැඩිමල් වෙලත්..."

"එව්ව වෙනයි මෙව්ව වෙනයි මිහී.. එයා marry කරලනේ... මට බය යේශ් මට වඩා ලස්සන කෙල්ලෙක්වත් දැකල මාව මෙලෝ රහක් නෑ කියල දාලා යයිවත්ද කියල..."

"ඇත්තමයි ආරු උඹ විභාග පාස් උනේ අත උස්සලද.. උගන්නන්න නෙමෙයි ආයම එක වසරෙ ඉදල ඉගෙනගන්න යවන්න තියෙන්නෙ..."

ආරුගෙ කතාව නිසා මිහී කිව්වෙ මෙයානම් ජීවිතේට හැදෙන්නෙ නෑ කියල හිතන ගමන්.

"මේ අහපන්... උඹ කොහොමත් මෙලෝ රහක් නෑ තමයි.. ඒකනෙ ඔහොම හිතන්නෙ, එහෙම ඉදලත් ආශි උඹව අතාරින්නෙ නෑ කියල ඕන එකෙක්ට තේරෙනවා... ආය ඔයවගේ ගොන් කතා කියවන්න එපා.. බැරිවෙලාවත් ආශිට ඇහුනොත් එහෙම කොච්චර දුක හිතෙයිද ආරු..."

"මන් දන්නව මිහී යේශ් මට ගොඩක් ආදරෙයි.. ඒත් මට මොකක්ද අමුතු බයක් දැනෙනව මට එයාව නැතිවෙයිද කියල.."

ආරු කිව්වේ මිහීගෙ ඔඩොක්කෙන් ඔලුව තියාගන්න ගමන්. ආරුගේ හිතේ ආශි ගැන තියෙන ආදරේ නිසාම ඇයට ආශිව නැතිවෙයිද කියන බය හැම වෙලාවකම දැනුනා. ආරු කියන්නේ ඕවර්තින්ක් වලත් උපරිම හිතන කෙනෙක්. ඉතින් ඇයගේ ඒ හිතන විදිහම මේ විදිහට ආරු බය වෙන්න හේතුවක් උනා.

DARK SOUL Where stories live. Discover now