07 🎼

97 9 69
                                    

හොදම යාලුවා විදිහට මිහිලි මේ වෙලාවෙ ඇයට උපදෙස් දුන්නේ ආරුගෙ වගේම ආශිගෙත් අනාගතේ ගැන හිතලා.

_______________________________________dark_soul__

පහුවෙනිදා උදේ 10ට විතර ආශිට ඇහැරුනේ music room එකෙන්. ඊයෙ රෑ ශාරධාට සිංදුවක් කියල යවන්න music room එකට ආව ආශිට ඒ වැඩේ ඉවර උනාම එතනම නින්ද ගිහින් තිබුණා. ආශි නැගිටිනකොට දැනුනේ කොන්ද නිකම් ඇදවෙලා වගේ ෆීලින්ග් එකක්. ඒ අමාරුවෙන්ම music room එකෙන් එලියට එනකොට ආශිගෙ ඉස්සරහට ආවෙ අශ්වින්.

"ලොකූ.. දැන්ද නැගිට්ටේ..."

"ඔව් පොඩී.. ඊයෙ රෑ මේක අස්සෙනෙ නින්ද ගිහින් තියෙන්නෙ... කොහෙද යන්නෙ ඔයා.."

ආශි ඇහුවේ එලියට යන්න ලෑස්ති වෙලා ඉන්න අශ්වින්ගෙන්.

"යුනිවර්සිටි එකට, හවස අර තුන්දෙනා එනවත් කිව්වා එක්කන්ම එන්නම්.."

"ආහ්.. හරි පොඩී, පරිස්සමට.."

"ඒක නෙමෙයි ලොකූ.. මොකක් හරි අවුලකද ඉන්නේ..."

යන්න ගිහිල්ලත් ආපහු හැරුණ අශ්වින් ආශිගෙන් ඇහුවේ ඔහුට තමන්ගෙ අක්කගෙ මූණෙ වෙනසක් තේරුණ නිසා. අශ්වින්ට වගේම ආශිටත් දෙන්නගෙ පුංචි වෙනස්කමක් උනත් ඉක්මනට අදුරගන්න පුලුවන්කමක් තිබුනේ හරියටම දෙන්නගේ සහෝදරකම කොච්චර ශක්තිමත්ද කියල ඕනම කෙනෙක්ට තේරෙද්දි.

"ආරු එක්ක පොඩි ප්‍රශ්නයක් උනා පොඩී.."

ඊයේ උන සිදුවීම ආශි කෙටියෙන් අශ්වින්ටත් කිව්වේ කොහොමත් මේ දෙන්නා තමන්ගෙ ප්‍රශ්න ගැන උනත් යාලුවො වගේ කතාබහ කරන නිසා.

"ලොකූ.. මේ අහනවකො..."

ආශිගෙ කරට අත දාගෙන අශ්වින් තමන්ගෙ අක්කව බැල්කනි එකට එක්කන් ආවේ හිත හැදෙන්න දෙයක් කියන්න ඕන කියල හිතුන නිසා.

"ආරු අක්කා මාර ආදරෙයි ලොකූ ඔයාට.. එයා ඔයා එක්ක ඉන්නවා දකින ඕනම කෙනෙක්ට ඒක තේරෙනව ඇති. එයාගෙ ඇස් පිරෙන්න තියෙන්නෙ ඔයා ගැන ආදරේ විතරයි.. මට නම් හිතෙන්නෙ අපි පොඩියි කියල හිතන දේවල් එයාට එච්චර ලොකුවට දැනෙන්නෙ ඒකයි..."

"ම්ම් මම දන්නව පොඩී ආරු මට ආදරෙයි ගොඩක්.."

"ඔව්.. ඒක නිසා තමයි ඉක්මනට ජෙලස් වෙලා එයා හිත රිද්දගන්නෙ, පොඩ්ඩක් හිතන්නකො ලොකූ එයා ඔය තරම් ඔයාට ඇඩික්ට් වෙන්න එයාට ඔයාගෙ ආදරේ කොහොම දැනෙනව ඇතිද.. තප්පරේකටවත් නැතිකරගන්න තියෙන බයට එයා ඔහොම හැසිරෙනව ඇති.."

DARK SOUL Where stories live. Discover now