"කොච්ච්ර අමාරු උනත් ඔයාට මම නැතුව ඉන්නම වෙනව ආරු.. ඔයාගෙ ආදරේ ඇත්ත නම් ඔයාට මේක කරන්නම වෙනවා.."
ආශි එහෙම හිතුවේ ජීවිතේ කවදාවත් බලාපොරොත්තු නොවුන දේවල් ගොඩක් මැද්දේ හිරවෙලා ගත්ත තීරණේ වෙනසක් නොකරන්න හිතින් ස්ථීර කරගෙනමයි.
_______________________________________dark_soul__
ඒ දවසින් පස්සේ සාමාන්‍ය විදිහට දවස් ගත උනේ පුරුදු විදිහට ආශි ඔෆිස් යමින් එමින්. ආරුට උණ හැදිලා හොස්පිට්ල් ඉන්න බවක් ආශි දැනගෙන හිටියෙ නෑ. මිහිලිට අනර්ඝට වගේම තිනූටත් තමන් හොස්පිට්ල් ඉන්නව කියලා ආශිට නොකියා ඉන්න කිව්වෙත් ආරුම තමයි. ආශිව අහිමි වෙලා කියන වේදනාව කොච්චර දැනුනත් ඇය කැමති නෑ තමන් නිසා ආශි කරදර වෙනවට.
නිමාලි එක්කම මීටින්ග් රූම් එකෙන් එලියට ආව ආශි හැදුවෙ තමන්ගෙ කැබින් එකට යන්න උනත් ආශිගෙ ඇස් කොනකට අහු උනේ නිමාලි ඔලුව අල්ලගෙන ඉන්නවා කියල.
"ඇයි නිමාලි.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?"
"ඔලුව රිදෙනව උදේ ඉදලා.."
ඇය කිව්වේ ඔලුවත් අල්ලගෙන ඉදගන්න ගමන්. නිමාලි හිටියෙ ඇත්තටම අමාරුවෙන්. ඇයගෙ මූණෙ උනත් අමාරු පාටක් තියෙනව කියල ආශි දැක්කා.
"ඇයි ඉතින් කිව්වෙ නැත්තේ.."
"ලොකුවට රිදෙයි කියල හිතුවෙ නෑ.. ඒකයි.."
"හරි, දැන් කොහොමත් ඕෆ් වෙන ටයිම් එකනේ.. ගිහින් ඔයාගෙ දේවල් අරන් එන්න.. අපි බෙහෙත් ටිකක් අරගෙනම ගෙදර යමු.."
ආශි එහෙම කියල තමන්ගෙ කැබින් එකට ගියා. නිමාලිට කොච්චර අමාරුවක් දැනුනත් ආශි තමන් එක්ක බෙහෙත් ගන්න යනව කියන එක නිසා දැනුනේ ලොකු සතුටක්. ආශි ඒ විදිහට නිමාලිට කිව්වේ ඇය තමන්ගෙ ස්ටාෆ් එකේ කෙනෙක් නිසා මිසක් වෙන දේකට නෙමෙයි කියල නිමාලිට ගානක් තිබුනෙ නෑ. මේ වගේ දෙයක් ඔෆිස් එකේ කාට උනත් ආශි උදව් කරනවා.
"මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා.. ඒත් අවුරෝරා එක්ක ප්‍රශ්නයක්ද..?"
බෙහෙත් ගන්න යන ගමන් නිමාලි ඇහුවේ ආශිගෙයි ආරුගෙයි අතර තියෙන ප්‍රශ්නේ මොකක්ද කියල හරියටම අහගන්න තියෙන හොදම වෙලාව මේක කියල හිතුන නිසා.
YOU ARE READING
DARK SOUL
Romanceආදරණීය රැවටීමක, වේදනාකාරී මතකය.. come, fall in love with my dark soul.... 🎼