17 🎼

89 9 24
                                    

"මම වගේම ජෙලස් girl කෙනෙක්.."

ආරු නිහඩවම හිතුවේ ඒ අය නොපෙනී යනකම් බලන් ඉදලා. ඉස්සර ආශි එක්ක පොඩි පොඩි දේවල් වලට තරහ උනාම ආශිත් ඔයවගේ කෝලම් කරලා ආරුව යාලු කරගන්නවා. ආරුත් එහෙමයි. ඒත් දැන් ඒ කිසිම දෙයක් නෑ නේද කියල හිතුනම ආයමත් ආරුගෙ හිතට දුකක් වගේම පාලුවකුත් දැනුනා.

"ආරු.. දෙයක් අහන්නද..?"

පොඩ්ඩක් හිනා උනත් ඒක තප්පර ගානකට සීමා කරලා ආරු ආයමත් කල්පනාවට වැටුනා කියල දැකපු මිහිලි එහෙම ඇහුවෙ ආරුගෙ අතකින් අල්ලගන්න ගමන්. අනර්ඝටත් අදහසක් තිබුනෙ නෑ මිහිලි මොකක් අහයිද කියල.

"මොකක්ද මිහී..?"

"උඹට ආශිව අමතක කරන්න පුලුවන්ද.."

මිහිලි අහපු දේ නිසා ආරුට වගේම අනර්ඝටත් පුදුම හිතුණා.
"ඇයි නංගි එහෙම ඇහුවේ.."

ආරු මොකුත් නොකියා මිහිලි දිහා බලන් ඉන්න නිසා අනර්ඝ ඇහුවේ මිහිලි ඒ ප්‍රශ්නෙ අහන්න හේතුව දැනගන්න.

"මට ආරු මෙහෙම ඉන්නව බලන් ඉන්න බෑ අයියෙ.. මේ කෙල්ල විදින්නෙ දුකක්.."

"මම වැරැද්දක් කරපු හින්දනෙ මිහී.. ඒකට මට දුක් විදින්න වෙනවනම් මම ඒ දුක විදිනවා.."

මිහිලි කිව්ව දේට ආරු උත්තර දුන්නෙ එහෙම.

"මට යේශ්ව අමතක කරන්න බෑ.. කොහොමටවත් බෑ.. එයා මට ජීවිත කාලෙම සමාව නොදුන්නත් මම එයා වෙනුවෙන්ම බලන් ඉන්නව මිහී.. ඒත් එයා වෙන කෙනෙක්ගෙ උනොත් මට ඒක දරාගන්න බෑ.. එතනදි මම ආත්මාර්තකාමී ඇති, ඒත් මට එයාගෙ ආදරේ කවදහරි යේශ්ටයි මටයි බබෙක් හිටියත් එයා එක්කවත් බෙදාගන්න බෑ. මම ඒත් රණ්ඩු වෙයි බබාට වඩා මට ආදරේ කරන්න කියල.. ඉතින් කොහොමද මිහී එයා වෙන කෙනෙක්ට අයිති වෙනවා හීනෙන්වත් දකින්නෙ.. දුකට මැරුණොත් හොල්මනුත් කරයි මම.."

ආරුගෙ කතාව අහගෙන හිටිය මිහිලිට විතරක් නෙමෙයි අනර්ඝටත් හිතුනේ ආරුට ආශිව අමතක කරන්න කියන කිසිම තේරුමක් නැති දෙයක් කියල.

"යේශ්ව අමතක කරනවා කියල හිතන එකත් හරියට මම කවදාවත් දැකල නැති කෙනෙක්ව මතක් කරන්න උත්සහ කරනව වගේ වැඩක්.."

DARK SOUL Where stories live. Discover now