my baby!!"
අපි ඩාන්සින් ෆ්ලො එකට ආපු ගමන් ගෞතම් මාව අතෑරලා මට වොඩ්කා ග්ලාස් එකක් දීලා එයත් එකක් ගත්තා..අපි දෙන්න එක උගුරට ග්ලාස් එක හිස් කරා.. තව ග්ලාස් එකක් තව එකාක් ඔහොම ග්ලාස් තුනක් හිස් කරලා නටන්න ගත්තා.. ඒත් මගෙවත් ගෞතම්ගෙවත් අයිකන්ටැක් බිඳුනේ නැහැ ... එයා මාව බදාගෙන හිටියේ මාත් .. ආපහු ඈත් වෙලා නැටුවා වෙලිලා නැටුවා හිනා උනා අපි දෙන්නම.. පොඩි පොඩි කිස් අපි අතරෙ මාරු උනා මෙතන වෙන උන් ගෑනුන්ගෙ ඔක්කොම එලියෙ දාන් මිරිකනවා අපි හොඳයි.. ගෞතම් ප්‍රසිද්දියේ අනවශ්‍ය විදිහට මාව ඇල්ලුවේ නැහැ .. අපිට මෙතන්ට එනකොට ෆෝන් ගේන්න බැහැ කැමරාස් මුකුත් බැහැ ප්‍රයිවසි එක නිසා.. ගෞතම් මායි අපේ ලෝක වල තනි උනේ අනිත් අය එයාලගෙ ලෝක වල තනි වෙනකොට.. බීපු මිනිස්සු මගෙ ලඟට එනකොට ගෞතම් මාව අයින් කරගත්තා. කවුරු හරි ඇඟේ හැප්පෙන්න එනකොට මාව කවර් කරගත්තා.. වටේ පිටේ ගැන සැලකිල්ලෙන් එයා හිටියේ ඒත් මාත් එක්ක ඩාන්ස් කර කර ෆන් එකකුත් ගන්නවා...
" දැන් මන්ද පමා!!!!!!!!"
උමාරියාගෙ මන්ද පමා ප්ලේ උනේ අපි ඔක්කොම ඩාන්ස් කරන් ගමන් කෑගහලා ඒක කියනකොට මං ඔළුව දෙපැත්තට හොල්ලනකොට මගෙ කොන්ඩෙත් වැනෙනවා කට උල් කරන් අත් දෙක ඉස්සරහට කරන් ඉන දෙපැත්තට කර කර නටනකොට ගෞතම් මං දිහාට කට කොනෙන් හිනාවක් දාල මාත් එක්ක ඩාන්ස් කරන්න ගත්ත එයා ඩාන්ස් කරා කියන්න බැහැ ඉතින් ඔහේ පැද්දි ප්ද්දි හිටියා..
" හම්මෝ මහන්සී අයූ...! දැන් යන් නෙ.."
මං කියනකොට එයා යන් කියලා කිව්ව නිස අපි එලියට ආවා..
" කෝ සිද්.."
ගෞතම් මගෙ කරට අතක් දාන් යතුර කරකව කරකව යනකොට මං ඒ අතේ මගෙ උරහිසෙන් පල්ලෙහාට වැටිලා තියෙන අත අල්ලන් අහනකොට එයා පාත් වෙලා මගෙ නහය හැපුවා..
" අපේ අලුත් ගෙදර බලන්න ගියා චූටි .."
" අලුත් ගෙදර ?!"
" යෙප්..ඒවා සීක්රට් දෙවල් අහලා මහන්සි වෙන්න එපා මං කියන්නෙ නැහැ ..."
එයා ආපහු මගෙ මූණට වැටිලා තියෙන කොන්ඩ කෑල්ලක් කන පිටිපස්සට දාලා කියනකොට මං කට ඇද කරා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)