42

1.1K 175 52
                                    

අන්තිමට කැම්පස් එකට ආවා.. අර ලී හන්සොන් උගෙ නම ඌ දැන් ෆිට් මාත් එක්ක ..

" ඒහෙනම් පරිස්සමෙන් පලයන් ලී.."

" ලී කියන්නෙ මගෙ සර්නම් එක වීණාව් හන්සොන් කියන්නකෝ.."

" හන්සොන් ගානකොට දිව පැටලෙනවා උඹට මං සොන් කියනනම් ෆිට් .!"

ඌ 👍 දාලා ඇහැක් ගහන් ගියේ මං ඌට සැලුට් පාරක් දාලා අනිත් පැත්ත හැරෙනකොට ඈත ඉඳන් ආඝර්ව වගේම දිනාර්ඝව මගේ දිහා බලාන් හිටියා.. මං ලා හිනාවක් දාලා එතනින් ආවේ එයාගෙ අම්මා කිව්වනේ මගෙ මූණටම  මගෙ පුතාලට නරක අයව ආශ්‍රය කරන්න දෙන්න එපා කවුරු උනත් කියල..

වදලාත් අයිතියක් නැහැ කමක් නැහැ එයාලා සතුටින්නේ.. ගොඩක් අම්මලාට dark moon university  එක ගැන ප්‍රශ්න වැඩී අර ඇටෑක් එකෙන් පස්සෙ එයාලගෙ ලමයින්ට කරදරයක් වෙයිද වගේ.. ඒ නිසා කැමති අයට හොස්ටල් ගන්න පුළුවන් කිව්ව අනිත් අයට බෝඩින් වෙලා එන්න පුළුවන් කිව්වා.. අද අනික දෙමව්පිය රැස්වීමක් තියෙනවලු..

" අහ්.."

මං මනෝ ගහන් ඇවිදිද්දි බර අතක් ඇවිත් කරට වැටුනේ මං කේත්ට රවද්දි උගෙ අත් පට්ට බරයි  සිද්ධාර්ත්ගෙයි ගෞතම්ගෙයි වගේ.. ඌ මගෙ පපුවට තට්ටුවක් දාලා ඇහැක් ගැහුවෙ මං ඌට රවනකොට...

" මගෙ වැඩ හොදයි නේ..ම්ම්"

ඌ මගෙ අතේ තිබ්බ ටැටූ එක උඩ ඇඟිල්ල ගෙනියන ගමන් ඇහුවේ මං ඔව් කියන්න ඔළුව වනනකොට..

" ආයෙ මං වැඩක් කරොත් එහෙම තමා සුදූ..."

" ම්ම් ඒකනේ.."

" ඇත්තටම කොහොමද බං අරුන් දෙන්න උඹ ඉස්සරහ සිල් රකින්නේ .."

" එපා කේත් දකින අය වැරදියට හිත‍යි.."

ඌ මගෙ ලිප්ස් අත ගාලා සෙක්සි විදිහට කියනකොට මං දැක්කා ඔරීන් මං දිහාට මහ අමුතු බැල්මක් දානවා එයාලා මීටින් එකට යන ගමන් හිටියේ..

මටයි මූටයි ඒක නෝමල් දෙයක් උනාට දකින අයට ඒක පේන්නේ වෙන විදිහකටනේ..

" ඈන්ගෙ පේරන්ට්ස්ලා ආවද?"

"ම්ම් ආවා ඇතුලට ගියා... ඒ සුදු මටනම් අර ගෑනිවයි මිනිහවයි අල්ලන්නෙම නැහැ  බං.."

Majesty Luna  Where stories live. Discover now