CHAPTER 22

1.3K 98 163
                                    

ටොක් ටොක්

මල්ලීලී

......

ටොක් ටොක්

.......

මල්ලි තොපිට කන් ඇහෙන්නෙ නැද්ද ? දොරවල් අගුලුදාන් මොන මගුලක් කරනවද උබලා?

දඩස්

අපි උක්කනවා හාමු බඩ්ඩටත් ඕන නම් මේ පැත්තට වාංග

"තිහස්නට කියලා ඔක්කොම වැඩ කරගත්ත මම ඌව බදාගෙන නිදාගන්න යද්දිම වගේ දොරට ගහන සද්දෙ ඇහුනා. තිහස්න දිහා මම බලනකොට නෑ ඕන නෑ ඒකා නිදි.අනිත් පැත්ත බලලා මේ පැත්ත බලන්නත් කලින් හාමු බඩ්ඩ දොරට ගහද්දි .දොර කඩන් ඕකා මේක අස්සට රිංගයි කියන බයට මම දොර ඇරලා මගේ වල් කට පොඩ්ඩක් හෙලෙව්වා.මම ඔහේ කියපු වචන එක්ක හාමු බඩ්ඩගෙ මූණට ලේ පිරිලා තියෙනවා දකිද්දි පොඩි බයක් ලෝඩ් වීගෙන ආව.මම දොර ඇරලා ශනික තිහස්න ඉන්න තැනට ගිහින් උගේ ඇගට කකුලක් දාගෙන බෙල්ල බදන් නිදාගන්න ලෑස්ති උනේ හාමු බඩ්ඩ කාමරේට එන අඩි සද්දෙ ඇහෙද්දි.අනේ මට මොකෝ අනාගතේ මෙව්ව මගේනේ ඉතින්.තිහස්නත් නින්දෙන්ම වගේ මගේ ඉණ වටේ අත් යවලා මාව තුරුලු කරගනිද්දි අපේ කාමරේට ආපු හාමු බඩ්ඩට කොහෙවත් නැති කැස්සක් ආව"

කැහැක් කැහැක්

ම්ම්මෙන්න .

"තිහස්න බදාගෙන සැතපෙන්න හිතන් හිටියත් හාමු බඩ්ඩ කහින කැහිල්ලට කට ගැලවෙයි කියලා දැනෙන නිසා මම නැගිටලා ඇදගාවම පොඩි මේසයක් උඩ තියෙන වතුර එක අරන් අඩි තුනක් විතර එහායින් මම දිහා හොරෙන් බලන් කහින එයාට ලංකරා."

ම්ම් .

"හෙලවෙන්නෙවත් නැතුව ගල් ගෙඩිය වගේ මගේ දිහායි වතුර වීදුරුව දිහායි මාරුවෙන් මාරුවට බලන් ඉන්න එයා ලගට මටම යන්න උනා .ලගට ගිහින් එයාගෙ අතින්ම වතුර වීදුරුව තිබ්බ මම දෙවනි වතාවටත් මගේ ගොන් කට ඇරියා"

වයසෙ වැරැද්ද ?

"හිතලා හිතලා අන්තිමේට මම තැනේ හැටියට ඇණේ ගහන්න හිතුවා.ම්ම් හාමු බඩ්ඩට 30 ක් වෙන එකේ ලොකු වයසක් නොවුනට ඒකත් වයසයි වගේ මට නිකමට දැනුනා.හැබැයි හාමු බඩ්ඩට 30ක් පේන්නෙනම් නෑ .ම්හ්ක් මට මොකෝ සෙද්ද මම එහෙන්මම මම පටලපු නූල් බෝලේ ලිහාගන්න බැරුව ඉන්න එයා දිහා බැලුවා.ම්ම් බර කල්පනාවක "

ආත්මා Where stories live. Discover now