CHAPTER 10

1.7K 134 66
                                    

"මායි යෂ්තුයි හිටියෙ පිටිපස්සෙම ශීට් එකේ.හැමෝටම හොරෙන් යෂ්ගෙ අතින් අල්ලගත්ත මම ඒ අතට හාදු තියන්න ගත්තා.සිනිදුයි හරියට මලක් වගේ .මම එහෙම්මම මගේ පැටියා දිහා බැලුවා.මට ඉබේම ලොකු හුස්මක් පිට උනා අනේ ඌ ඇස් බෝල කරන් මන් දිහා බලා ඉන්නවා.මේකා හුරතල් ලෝකයක්.මට මෙතනම පෙරල ගන්න හිතුනා.මාව අසරණ කරන්නම වගේ නුවර අහසට වහින්න මතක් වෙලා.හැගීම් ඇවිස්සෙනවා.කොහොම නොඇවිස්සෙන්නද තමන් ආදරේ කරන කෙනා ලග තියාගෙන ඉද්දි.මේ සීලේ ඉක්මනට ඉවර වෙන දවසක් එයි.  මගේ පැටියා මගේ වෙන  මම මගේ පැටියගෙ වෙන .අනේ මන්ද මට මගේ පැටියව තලන්න ලෝබයි .දන්නවද රත්තරනේ උබව මට තාම පිපෙන්න තියා පිපෙන්න හිතලවත් නැති මලක්.එහෙන්මම මාව ඇදිලා ගියේ කොට අහස දැම්ම සිංදුවට."

"ඇරයුම් නොකළ පෙම් සාදේ
නුබ කෝ අහිමි සද මාගේ
පිළියම් සොයමි තුන් යාමේ
තහනම් වචනෙකි ආලේ "

"මගේ හදවතේ කෙනෙක් වෙනුවෙන් පණ ගැහුව ආදරේ වල දාන්න උදව් කර සංදු අතර මේ සිංදුව උඩින්ම තිබ්බා.ඒ ඇස් මාව මග ඇරියා .නෑ ඒ ඇස් මාව දැක්කෙ නෑ.අනේ මම පණ වගේ ආදරේ කරා .ඒත් ඒ ඇස් ඒ වෙනකොටත් අයිතිකාරියෙක් හොයාගෙන.මගේ හීනවලට පවා ඇවිත් උබ මාව මරෝ මරෝ ජීවත් කරා මගේ ආයු.ඔව් උබව දැක්ක දවසේ පැන්සලකට රණ්ඩු කල ඒ පොඩි කොල්ල උබට ඇබ්බැහි උනා.උබ නොදැනුවත්ව තොල් නොපිට හරවන් ඉද්දි අවුරුදු 5 ක් උන ඒ කොල්ලට ඒ තොල්වල රස බලන්න හිතුනා.උබට හිතලා දුකක් දුන්නෙ නෑ මගේ පැටියෝ .ඒත් මට මගේ හැගීම් ලෝකෙන්ම හංගන්න ඕන උනා.මට අදවගේ මතකයි  උබ pool  එකට වැටුනා. මම දෙපාරක් හිතන්නෙ නැතුව විහස් කෑගහද්දි pool එකට  පැන්නා. මට ඕනනම් වයස 10 ක් විතර ඇති .පැන්නට මොකද මටත් පීනන්න ලොකුවට බෑ .ඒත් මම පැන්නෙ උබව මට නැතිවෙයි කියලා මගේ හිත කෑ ගැහුවා.උබ මුලු ඉස්කෝලෙටම ඇහෙන්න නතාශාට ආදරෙයි කියලා කෑ ගහද්දි මම පරක්කු වැඩිවෙලා තිබ්බා.එදා හැමෝම ඉස්සරහා නතාශා උබව කිස් කරද්දි අනේ මගේ හිත පැලෙන්න ආව.මම එතනම ඇදගෙන වැටුනා.මගේ කකුල් පන නැති උනා.ඒ වෙලාවෙ විහස් දුවගෙන මන් ලගට ආවා.ඔව් ඌ දැනගෙන හිටියා මම උබට ආදරේ තරම්.එදා මම ඌව බදාගෙන කෑගගහ ඇඩුවා.මම පිස්සෙක් වෙයි කියලා බයට ඌ මාව ඒ දවස්වල එක මොහොතක් තනි කරේ නෑ.ලොකුම දුක උබ නතාශා එක්ක අහුමුලු අස්සෙ කිස් කර කර ඉන්න වීඩියෝ හැමතැනම  share වෙන එක .ඉස්කෝලෙ ආදරණීයම කපල් එක.ඒත් ඒකි උබට හොරෙන් තව කොල්ලෙක් එක්ක සැපගත්තා.ඒ උබෙන් නොලැබෙන දේ ඒකිට උගෙන් ලැබෙන නිසා.උබ ඒකිව තැලුවෙ නෑ. ඒත් ඒකි ඇදක හුස්ම ඇද්දා වෙන කෙනෙක් එක්ක.මට උබ දුක් විදිනවා බලන්න බෑ .ඒ නිසාම ඒ දේවල් දැනගෙන ඇස් කන් පියන් හිටියා.ඒත් උබ හැමදේම දැනගත්තා .ඒත් මම හිතුවට වඩා උබ ඒකිට ආදරේ කරලා තිබ්බා.උබ පිස්සෙක් වෙයි කියලා උබේ යාලුවො කියද්දි හැමෝටම හොරෙන් මම හීල්ලුවා.උබ හොයාගන්න නෑ කියලා දැනගද්දි මම පිස්සෙක් වගේ පාරක් පාරක් ගානෙ උබව හොය හොය ඇවිද්දා.ජීවිතේට මේ වගේ විකාර ට්‍රිප් නොයන මම උබ යනවා කියලා දැනගත්තම යන්න ඉන්න දිනේට කලින් යමු කියලා අරුන් එක්ක රණ්ඩු කරා.එදා උබව දකිනකන් මට සැනසීමක් තිබ්බෙ නෑ.මොනදේ උනත් අන්තිමේ උබ මගේ.මගේ පැටියා දැන් මගේ.රත්තරනේ මම උබව රකිනවා.මම හිටිය කල්පනා ලෝකෙ සුනුවිසුනු වෙලා ගියේ කොට අහසයා නිසා"

ආත්මා Where stories live. Discover now