49

1.1K 184 46
                                    

" ඔය ලමයට උයන්න දෙන්න ගමී!! මාළුව පිච්චුනොත් කන්නෙ වෙන්න් උඹේ ඇට දෙක තමා!"

ගෞතම් ඉඳගත්තේ මං කට වටෙ පෙරුන කෙල පිහිදාන් ආයෙ උයන්න ගන්න කොට

" මේ චිකන්කරි එක ටිකක් සැරයි ඒත් රසයි. මේ පරිප්පු තෙල් දාලා සම්බෝල මේ මැල්ලුම් මේ බත් ."

මං භාජන එකින් එක ඇරලා කියනකොට දෙන්නම ඔළුව දැම්මා ආයෙ කෑම් මේසෙට අරින එක බොරු වැඩක් නිසා මං දෙන්නටම පිඟාන් දෙකක බෙදන්න ලෑස්ති උනේ..

" මං කවන්නද දෙන්නට?"

මං පිඟාන් අතේ තියාන් අහනකොට දෙන්නම ටිකක් පුදුමෙන් වගේ බලලා ඔළුව වැනුවා .. මං  ටිකක් ලොකු පිඟානකට බතුයි මාළු පිනි ඔක්කොම බෙදාන් ඒ දෙන්න ඉඳන් ඉන්න කිචන් එක ඉස්සරහ තිබ්බ අර ලෑල්ල වගේ කෑල්ලක් ඒකේ ඉස්සරහ පුටු දෙකක ඒ දෙන්න ඉඳන් හිටියේ මං එතන්ට ගිහින් ඒ දෙන්න ඉස්සරහයින් හිටත්තේ දෙන්නම මගෙ පැත්ත හැරෙනකොට..

" චිකන් ටික්ක වැඩි පුර දාන්න චූටි කොළම නැතුව"

" මට කොළ එපා චූටි .."

" චූටි මෙවා කවන්න එපා"

" කටවහනවා දෙන්නම! මං කවන්නේ මොනවද ඒ

" චූටි මරු බං කෑම එක.."

මං ගෞතම්ගෙ කටට බත් කටක් දාලා සිද්ටත් කැව්වා.. ආයුයි සිද් දෙන්න අරක එපා මේක එපා ගෑවට මට වැඩක් නැහැ මං කරපිංචා නට්ටේ ඉඳන් කෑව්වා.  මං ඔක්කොම කවනකොට වචනයක්වත් නොකියා දෙන්නම බබාල දෙන්නෙක් වගේ කට අරිනවා.. දෙන්නම සැර කන්න ආසයි කියලා දැනගත්තේ අද මං.. චිකන් එක කළුවට හදලා තිබ්බේ හොඳට තම්බලා කළුවට තුනපහ වැඩියෙ දාලා..

දන්නවද මට හිතුන දේ.. ආදරේ කියන්නෙත් කුළුබඩු වගේ... මාළුවක් රස වෙන්න කුළුබඩු ඕනේ නැත්තම් ඕනම එලවළුවක් මාළුවක් නිකන් කන්න පුළුවන් ඒත් රස වෙන්නෙ කුළුබඩු දැම්මහම නේද? ඒ වගේ තමා මගෙ ජීවිතේත් ඔහේ තිබ්බ මාළුවක් වගේ ජීවිතෙත්   මේ දෙන්න ඇවිත් කුළුබඩු එකතු කරලා රස කර සහ කරනවා.. මට ආදරේ කියන්නෙ කුළුබඩු වගේ....!

" ඔයත් කන්න මැනික"

" පස්සෙ කන්නම් සිද්..කෝ කට අරින්න ආයූ!"

Majesty Luna  Where stories live. Discover now