50

1.3K 186 36
                                    

" දැන් මීෂත් එක්ක තරහ නැද්ද?"

" කතා බහ කරලා ඉන්නවා තරහ වෙලා ඉන්න බැහැ නේ බං.. ඉස්සර වගේ පුක හෝදන්න යන්නෙ නැහැ ගානට ඉන්න කියලා තියෙන්නෙ ආයෙ ගියොත් කන පැලෙන්න කන්නෙ මගෙන්"

"උන්ව අතේ දුරින් ආශ්‍රය කරන්න කියන්න බං .. ලඟදිම කාට කාට මොනවා වෙයිද දන්නෙ නැහැ නේ"

"ම්ම් "

අපි පැය තුනක් වල් පල් කතා කරලා තිබ්බා..  ඊට පස්සෙ සිද් හැදි කරලා තිබ්බ කිචන් එක සුද්ද කරලා ගෙදරත් අතු ගෑවා..රූම් එක අස් කරලා .. ඒ දෙන්නගෙ ඔෆිස් රූම් එක සුද්ද කරන්න ගියේ..

ජස්ටින් බීබර්ගෙ බේබි සෝන්ග් එක දාගෙන රූම් එක අතු ගාල ෆයිස්ල් අදාල තැන්වලින් තිබ්බා.. මේක මහ අමුතු රූම් එකක් ටිකක් දිග මේසෙක කැරකෙන පුටු දෙකක් තියෙනවා.. බිමට කළු පාට ලී පොලවක් තියෙන්නෙ.. බිත්ති සුදු පාට ඒ වගෙ එකේක රූප එල්ලලා තියෙනවා.. මට එව්ව බැලුවහම ඔළුවත් එක්ක රිදෙන්න ගන්නවා.. මැප් තුනක් තියෙනවා තව රැවුල වවාගත්ත ලෝගු පොරවත්ත මිනිස්සු ඉන්න පින්තූර වෘකයො රංචුවල පින්තූර වගේම අපි තුන් දෙනාගෙ පින්තූරයක් ගාක මගේ ඇස් නැවතුනා... අර එදා කාර් එකේදි ගත්ත සෙල්ෆිය ලොකු කරලා බිත්තියේ ගහලා..මං පිටිපස්සෙ ඉඳන් දෙන්නගෙ කරට අත් දෙක දාන් මොකෙක්ද වගේ හිනා වෙලා ඉන්න එක.. මං එතනින් ආපහු හැදි වෙලා තියෙන මේසෙ ලඟට ආවා..

ෆයිල් එකින් එක වහ වහ පැත්තකින් තියනකොට මගෙ ඇහැ ගියේ..

fairies attack කියලා තිබ්බ දුඹුරු පාට ෆයිල් එකට. මං ඒක අරන් පුටුවක ඉඳගෙන ඒක පෙරලන්න ගත්තා..ඒත් එක්කම මගෙ ඉස්සරහ තිබ්බ Wizardsand dragon attack  කියන ෆයිල් එකත් මං අරගත්තා.. ඒකෙන් ඒ ෆයිල්ස් තුනෙන්ම මට නම් කීපයක් සිද්දි කීපයක් හයිලයිට් උන නිසා ඔක්කොගෙම ෆොටෝස් ගහගත්තා.. මං එහෙමම පුටුවට හේත්තුවෙලා අත් දෙක බැඳන් බැලුවේ රූම් එකේ කොනක හයි කරලා තියෙන කැමරාස් දිහාට උනත් මට  කට කොනෙන් හිනාවක් ගියේ ඒවල වහලා ඉන්න තඩි සමනලයො දෙන්න නිසා කැමරාව තනිකර වැහිලා තිබ්බා.. මං ආපහු නැගිටලා අස් කරන්න ගන්නකොට උන් දෙන්න ගිය මං මගෙ පාඩුවේ අස් කරා..

Majesty Luna  Where stories live. Discover now